
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි)
නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයෙ දී දෙදරු පියකු අමානුෂික ලෙස ලි මුගුරු හා යකඩ පොලුවලින් පහර දී තියුණු ආයුධවලින් කපා මරා දමා ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නිලාන් ප්‍රියංකර ජයලත් නැමති දළුව නිර්මලපුර පදිංචි 30 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වු පුද්ගලයා 30 දින සවස දළුව ක්‍රීඩාංගනයෙ ක්‍රීකට් ක්‍රීඩා කරමින් සිටියදී පුද්ගලයකු සමග ඇතිවු බහින් බස් විමකින් පසුව ගැටුමක් ඇති කරගෙන තිබු බව කියයි.
ගැටුමේන් පසු එදිනම රාත්‍රියෙ ඝාතනයට ලක්වු තැනැත්තා මෙම ඝාතනයෙ ප්‍රධාන සැකකරුගෙ නිවස අසලට ගොස් සිටියදී ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුතකු එක්වි ලී මුගුරුවලින් හා යකඩ පොලුවලින් අමාන්‍රෂික ලෙස පහර දි තියුණු ආයුධවලින් කපා දමා තිබු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ක්‍රියාත්මක වන පරිදි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න... නැතිනම් දිරියට මහා ව්‍යවසන ඇති වෙන්නට ඉඩ තියෙයි. එය රටේ ඉදිරි සංවර්ධනයට ආර්ථික සංවර්ධනයට මහා කැලලක් වේවි. වරදකරු එතැනදීම ඔප්පු කරගත හැකිනම් පාපොච්චාරණයක දී ඔහු වරදකරු නම්, එවැනි අයට මරණ දණ්ඩනය එල්ලා මැරීම සිදුකළ යුතුමයි. එහෙම නොවුණොත් මේ රට කොපමණ සංවර්ධනය වුණත් ම්ලේච්ඡ මිනිසුන් සිටින රටක් බවට පත්වේවි...