
අධික සීතල කාලගුණය හේතුවෙන්, ගාසා තීරයේ ළමා මරණ ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වනවිට අධික සීතල හේතුවෙන් මියගිය කුඩා දරුවන් ගණන 10 කි. මෙය දැඩි මානුෂික අර්බුදයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
පලස්තීනුවන් ජීවත් වන ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. ඊජිප්තුව දෙසට ඇති රෆා දේශසීමාව විවෘත කිරීමට ඊජිප්තු බලධාරීන් මේ වනවිට පියවරගෙන ඇති බව පැවැසෙයි. ඒ, මානුෂීය ආධාර ගාසා වැසියන්ට ලබා දීමේ අරමුණින්ය.
දැඩි සීතල කාලගුණය හේතුවෙන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී තාවකාලික කූඩාරම්වල රැඳී සිටින දරුවන් යැයි ද පැවැසෙයි.
මේ අතර, ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවෝ 70,000 කට වඩා වැඩි ගණනක් මියගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි. මියගිය මෙම පිරිස අතරේ හමාස් සටන්කාමීන් ද සිටින බව ඊශ්‍රායල හමුදාව අවධාරණය කර ඇත.
පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය ද මේ බව තහවුරු කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ 171,343 දෙනකු තුවාල ලබා ඇති බවය. මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වෙයි. එම සටන් විරාමය අතරතුරේ පවා ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd