(දයාරත්න ඇඹෝගම සහ පී.ඒ.පී කුමර)

දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හානියට පත් නිවාස සදහා වන්දි ලබා දීමේ හා ඒම නිවාස ඉදිකිරිමට මුල්ගල් තැබිමේ සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අනුරාධපුර , ගල්නෑව හා රාජාංගනය යන ප්‍රදේශ වලදි අද (09)දින සිදු කෙරිණි.

මෙහිදි පුර්ණ නිවාස හානි සදහා ලබාදෙන රුපියල් ලක්ෂ 50 ක මුදල සංකේතාත්මකව ප්‍රදානය කිරිම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ඒහිදි අදහස් දැක්වු ජනාධිපතිවරයා  සදහන් කළේ දැනට වාර්තාවන පරිදි සුළි කුණාටුව හේතුවෙන් නිවාස 6,000 කට පමණ පුර්ණ හානි සිදුව තිබෙන බවයි.

ඒම නිවාස ද ඇතුළුව අවදානම් ස්ථානවල පවතින නිවාස ආදිය ද මේ වසර තුළ දී රජයේ මැදිහත්විමෙන් නිවාස 25,000 ක් පමණ ඉදිකිරිමට නියමිත බව ජනාධිපතිවරයා  සඳහන් කළේය.

1977න් පසුව අඩුම අයවැය පරතරයක් සහිත වර්ෂය 2025 වර්ෂය වුවත් එවන් සාර්ථකත්වයක් ලද මොහොතක ස්වභාවික විපතක් පැමිණි බවත් , ඒහිදි රජයක් හැටියට ජනතාව අතහැර කටයුතු කරන්නට අයිතියක් නොමැති බවත් , පිඩාවට පත් ජනතාව සදහා අවශ්‍ය සියළුම පහසුකම් ලබා දෙන බවත්ය.

වෙළද, වානිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ , අමාත්‍ය සුසිල් රණසිංහ, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සුරියප්පේරුම ,අයවැය අධ්‍යක්ෂ ජනරාල් , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , ප්‍රදේශිය නිලධාරිහු පිරිසක් එම අවස්ථාවට එක් වුහ.