( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නොවැම්බර් 26 වෙනිදින සිට දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 40740 ක පුද්ගලයින් 174255 ක් බලපෑමට ලක්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න මහතා පැවසීය
එයින් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 42 ක පදිංචි පවුල් 27704 අයත් පුද්ගලයන් 121018 කය
කොලොන්නාව හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර නිවාස 4 කට පූර්ණ හානි සිදුවීම් නිවාස 973 අර්ධ හානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීය
සුළි කුනාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 97 ක කුඩා දරුවන් 2531ක් ඇතුළු පුද්ගලයින් 17222 නවාතැන් පහසුකම් සපයා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය
වැඩිම සුරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රමාණයක් වන 26 ක් පිහිටුවා ඇත්තේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd