
(සුජිත් හේවාජුලිගේ)
"දිට්වා" සුළි කුණාටුව සමග ඇතිවූ කාලගුණ ආපදාවෙන් රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන අටක් සම්පූර්ණයෙන්ම විනාශවී රුපියල් කෝටි හත්සිය අනූවකට වැඩි පාඩුවක් සිදුව අැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඒවා පිහිටි ස්ථානයේ පිහිටුවිය නොහැකි හෙයින් අදාල ගමේ හෝ නගරයේ වෙනත් ස්ථානයක පිහිටුවීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
ඌව පළාතේ කන්දේගෙදර දිස්ත්‍රික් රෝහල, ස්ප්‍රින්වැලි බැද්දේගම දිස්ත්‍රික් රෝහල, මධ්‍යම පළාතේ ලිඳුල දිස්ත්‍රික් රෝහල, වත්තේගම දිස්ත්‍රික් රෝහල, වයඹ පළාතේ ඉදුල්ගොඩකන්ද දිස්ත්‍රික් රෝහල, මධ්‍යම පළාතේ කලගන්වත්ත ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය, සිල්මියපුර ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය සහ බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙසේ මුලුමනින්ම විනාශයට පත්ව ඇති රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වේ.
වැඩිම පාඩුවක් සිදුව ඇත්තේ වත්තේගම දිස්ත්‍රික් රෝහලටය. එම පාඩුව රුපියල් කෝටි 171කි.
ලිඳුල දිස්ත්‍රික් රෝහලට රුපියල් කෝටි141ක පාඩුවක්ද කන්දේගෙදර සහ ස්පින්වැලි රෝහල්වලට රුපියල් කෝටි 120කට වැඩි පාඩුව බැගින්ද සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd