
(ඩයනා උදයංගනී)
අම්පාර දිස්ත්‍රික්කයේ, දීඝවාපී චෛත්‍යයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබාදීමට තීරණය වී ඇත.
ඒ අනුව ලංකා පිඟන් සංස්ථාවට අයත් අම්පාර එරගම උළු කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඇති සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපකරණ එම ගඩොල් නිෂ්පාදනය සඳහා ලබාදීමට තීරණය කර ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඊට අමතරව අවශ්‍ය වුවහොත් පිඟන් සංස්ථාව සතු ඇඹිලිපිටිය කර්මාන්තශාලා පරිශ්‍රයේත් ඒ වෙනුවෙන් ඉඩ ලබාදීමට සූදානම් බව ඇමතිවරයා සඳහන් කළේය.
දීඝවාපී චෛත්‍ය රාජයාණන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ පිඟන් සංස්ථාවට අයත් අක්කර 232කින් යුත් අම්පාර එරගම උළු සහ ගඩොල් කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක අද (15) නිරත වූ විමල් වීරවංශ ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ ඓතිහාසික කටයුත්ත ආරක්ෂක ලේකම්තුමන්ගේ මූලිකවෙමින්, මේ රටේ බෞද්ධ ජනතාවගේ ආධාර උපකාරයෙන් සිදුවෙමින් තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. ඒ. රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ එයාගේ අතින් දෙන දෙයක් නෙවේනේ. ආණ්ඩුවේ සල්ලි වලින් තමයි ඒවා ලබාදෙන්නේ. එ්කත් කීවානම් තමයි හොඳ...
සාදු! සාදු !!සාදු!!!. එතුමා ජේවීපී එකේ හිටියා නම් කවදාවත් ඔහොම පුණ්‍යකර්මයක් කරගන්න හම්බ වෙන්නේ නෑ. ඒ අය කරන තරමක් කරේ රටට විනාශකාරී වැඩ. දැනටත් වැඩවර්ජනයක්.., මිනිස්සුන්ට පීඩා වෙන වැඩක්.., කර්මාන්ත ශාලාවක්.., වැඩ බිම වැසී යන තත්වයට මොනවා හරි කරන්න පුළුවන් නම් ජේවීපී කාරයින් එතන ඇති. විමල් වීරවංශ උන්නැහේගේ පුරුවේ පිනක් තිබිලා තියෙනවා.. ඒ පාප කර්ම වලින් ගැලවෙන්න...