
(නවරත්න සමරතුංග)
දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන පී.එච්.පියසේන මහතා අද( 17 ) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලීසිය පවසයි.
පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින් කුඹුරට ගොස් එමින් සිටියදී පොතුවිල දෙසින් එකම දිසාවට ගමන් කල බස් රථයක ගැටී මෙම රිය අනතුර සිදුව ඇත.
තුවාල ලබා සිටි හිටපු මන්ත්‍රී පියසේන මහතා එම අවස්ථාවේම අක්කරපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා කල්මුණ රෝහලට ගෙන ගොස් තිබේ.
බසයේ රියැදුරා සමඟ එම බසයද පොලීසිය භාරයට ගෙන ඇති බව අක්කරපත්තුව පොලීසියේ උසස් නිලධාරියෙකු 'ලංකාදීප'යට පැවසීය.
2010 පාර්ලිමේන්තු මහ මැති වරණයේදී පි.එචි.පියසේන මහතා (ටී.එන්.ඒ ) දෙමළ ජාතික සංවිධායක යටතේ තරඟ කොට මන්ත්‍රී වරයෙක් ලෙස පත්ව එවකට පැවති රජයට සහය දුන් අයෙකු වන අතර ඔහුගේ සමාජ සේවා කටයුතු නිසා ජනප්‍රිය වි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම දේසපාලකයෙක්. මන්ත්‍රී ඉන්දලත් කුඹුරට ගිහින් තියෙන්නෙ බයිසිකලයකින්. වෙනන එවුන්ට මන්ත්‍රෙ උනාම සයිකලය මතකත් නෑ ගමෙ ඉන්නෙත් නෑ. කුඹුරක් ජීවිතේට නොදැක්ක තැනට කොළඹ ඇවිත් ඉන්නෙ ඒ අතරින් මෙතුමා ගරු කල යුතුපුද්ගලයෙක්. සමාජ සේවකයෙක් ප්‍රායොගීකවම ණිවන් සුව ලැබේවා.
මෙන්න පාර්ලිමේන්තුවෙ හිටිය නියම පියසේනල. ඔබට නිවන් සුව .