
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23 දශම 3 කළුතර ප්‍රදේශයේ දී වාහන 17 ක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.
සුඛෝපභෝගී මෝටර් රථ,වෑන් රථ සහ ලොරි රථ අනතුරට ලක් වූ වාහන අතර වන බව පොලිසිය කියයි.
සිදු වූ අනතුර හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ දොඩංගොඩ දෙසට කිලෝමීටර් ගණනාවක දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් පැය කීපයක් තුළදී අනතුරට පත් වාහන එම ස්ථානවලින් ඉවත්කර වාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය තත්ත්වයට පත් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පැවැසීය
ඉදිරියෙන් ගමන් ගත් ගමන් ගත් වෑන් රථයක් තිරිංග තද කිරීමත් සමගම පසුපසින් පැමිණ තිබූ සෙසු වාහන එයාකාරයෙන් තිරිංග තද කිරීමේ හේතුවෙන් මෙම අනතුර වැල සිදුවී ඇතැයි පොලිසිය කියයි සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගොස් යළි නිවෙස් බලා යමින් සිටි බහුතරයක් දෙනා අනතුර පත් වාහන වල ගමන් කර තිබූ බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමහර රියදුරන්ට අධිවේගී මාර්ග නීති බෑ. සාමාන්‍ය පාරවල් වගේ වෙට්ටු දමනවා. මෝඩ උද්දච්ච අය....
අනතුර වළකාගන්න තිබ්බා...!
මේක නම් මරු වැඩේ...!
වාහනයක් පරිස්සමට, කල්පනාවෙන් එළවාගන්න බැරි තොත්ත බබාලා...
වාහන ධාවනයේ 'තත්පර දෙක' නීතිය නොදැනීමේ වරද තමයි...
මමත් යන ගමන් හිටියේ... මම දැක්කේ වෑන් එකක් විතරයි.