(බිමල් ශයාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ 55 කණුව ප්‍රදේශයේදි  කාන්තාවක් පදවා ගෙන යමින් සිටි මෝටර් රථයක් පිටුපස ලංගම බස් රථයක් ගැටී අද (10) සිදු වූ අනතුරකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව  කුරුඳුගහ  හැතැක්ම අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.

පිටකෝට්ටේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව  මාතර දෙසට සිය මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී  දොඩංගොඩ සහ කුරුඳුගහ හැතැක්ම අතර ප්‍රදේශයේදී මා කුඹුර  සිට මාතර බලා මගීන් රැගෙන යමින් සිටි උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයේ ඉදිරි වම් පස මෝටර් රථයේ පිටුපස දකුණු මුල්ලේ ගැටීමත් සමඟම  මෝටර් රථය පෙරලී මාර්ගයෙන් ඉවතට ගොස් නැවතී තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී යන ආවරණය වී තිබිණි.

මෝටර් රථයේ පැදවූ කාන්තාව ප්‍රතිකාර සඳහා ගාල්ල නාගොඩ මහා රෝහල  වෙත ඇතුලත් කල බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මෝටර් රථයට බරපතළ අලාභ සිදුව ඇත.

ලංගම බස් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කුරුඳුගහ හැතැක්ම අනුපාලක මධ්‍යස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් චාමින්ද මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.