
(කේ බුද්ධික කුමාරසිරි)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථ වාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු නොවිණි
මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කල සේවකයින් 22 ක් වැඩ තහනමට ලක් වීම නිසාවෙන් පවතින සේවක හිගය මත මේ ආකාරයෙන් කටයුතු කිරීමට සිදු වූ බව එහි නිළධාරියෙකු පැවසීය
කෙසේ වෙතත් අතුරුගිරිය පිටවීමේ දොරටුවලින් පිටවන වාහන මගින් මුදල් අය කිරීම සදහා ගැලනිගම අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනෙකු තාවකාලිකව සේවය සදහා යොදවා තිබුණි
අතුරුගිරිය පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ වාහන වලින් පිටවීමේදී මුදල් අය කිරීමක් සිදු වන බවත් එය අදාල රථයේ රියදුරු පවසන ඇතුළුවීමේ පිවිසුමේ සිට ගණනය කර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් අදාල නිළධාරියා වැඩි දුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රටේ පිළිවෙල, ඔතැන භාගයක් මැදමූලන පැත්තේ පත්වීම් වෙන්න ඕනෑ. කොහොම ගත්තාද? කව්ද දන්නේ...? අධිවේගෙට කවි, රචනා ලියන අය මේ ගැනත් පිටුවක් ලියන්න. ඔව ජෙප්පන්ගේ වැඩ නම් නොවෙයි...
ඇත්තටම අපි ඉන්නවා රස්සාවක් නැතුව අපි ට රැකියාව අපි ලස්සන කරන්න හොර බොරු නැතුව