(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හැකියාවක් ඇති බුද්ධිමත් ඇමතිවරුන් ලිප් බොක්කට දමා ඇතැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලංකාවේ කුරුඳු ලෝකෙ වෙන කොහේවත් නැතැයි ද කුඩා තේ වතු හිමියන් අද අසරණ තත්වයකට පත්වෙලා තිබෙන බවද කී පතිරණ මහතා එක එක්කෙනාගේ කඩදාසි පඩංගු කියවන්නේ නැතිව ක්ෂේත්‍ර පරීක්ෂණ කර ඇත්ත වටහා ගන්නැයි ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
කර්මාන්ත ,වෙළෙඳ හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ වලට අයවැයෙන් වෙන්කර ඇති වෙන් කර ඇති මුදල සලකා බැලූ විට රටේ ආහාර සුරක්ෂිතතාවයට දක්වන සැලකිල්ල හොඳින්ම තේරුම් ගන්නට හැකියාව තිබෙන බව කී බුද්ධික පතිරණ මහතා වැවිලි අමාත්‍යාංශයට බිලියන 14ක් කර්මාන්ත අමාත්‍යාංශයට බිලියන අටක් සහ වෙළෙඳ අමාත්‍යංශයට රුපියල් බිලියන හයක් වශයෙන් වෙන්කර තිබෙන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔහේගේත් කයිය විතරයි... කරපු අමාත්‍යාංශවල ඔහේ මොනවද කළේ?
ඒ කියන්නේ... මෙයත් ඇමැතිකමක් දෙන්න කියලා නොකියා කියනවද?
බුද්ධික පතිරණ මහත්මයි... ඔයාලා රනිල්ට එකතුවුණානම් රනිල් බුද්ධිමත් ඇමැතිවරුන් පත්කරගන්නවා. ඔයාලා පස්ස ගහලා ඉන්නකොට, රනිල් අනිත් අයගෙන් වැඩගන්නවා.
රනිල් සමග ඔතැන ඉන්න 225ම එළවන්න ඕනෑ... එතකොට තමයි රටට සෙත වෙන්නේ...
කවුද ඔය කියන දක්ෂ ඇමතියෝ. ඉස්සර නම් හිටියා රාජපක්ෂ කියලා පවුල් පාලනයක්ම... මහාපරිමාණ හොර වංචා, දූෂණවලට නම්දරාපු දක්ෂයින්. පොහොට්ටුවේ ඉන්න අයගේ දක්ෂකම් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ඔබ ඔය දක්ශයි කියන හිටපු අමතිවරුන්ගෙ නම් හෙලිකරන්නකො. අපි උදව්කරනව