(යොහාන් භාසුර)
දකුණු පළාතේ අපරාධ වර්ධනය පිළිබඳව අවධානය යොමු කර දකුණු පළාතට නව පොලිස් විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස දෙකක් පිහිටුවා ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
නව විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස දෙක ගාල්ල අපරාධ කොට්ඨාසය සහ මාතර අපරාධ කොට්ඨාසය ලෙස ක්‍රියාත්මක වන බවත් මාතර කොට්ඨාශයෙන් මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද, ගාල්ල අපරාධ කොට්ඨාසයෙන් ගාල්ල දිස්ත්‍රික්කය ද, විශේෂ ගණයේ අපරාධ ක්‍රියාමැඩලීමට ක්‍රියාත්මක වන බවත් පොලිසිය කීය.
මාතර අපරාධ කොට්ඨාසය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිස්ස ප්‍රදේශයේදී අද (14) විවෘත කළ බව කී පොලිස් මූලස්ථානය පැවසුවේ නව ඒකකය විශේෂ අවි පුහුණුව ලැබූ නිලධාරීන් 30 දෙනෙකුගෙන් සමන්විත බවත්ය.
ගාල්ල අපරාධ කොට්ඨාශය අම්බලන්ගොඩදී ප්‍රදේශයේ විවෘත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ වැඩ පිළිවෙලක් පොලිස්පතිතුමාට ස්තූතියි. පොලිසිය විසින් ජනතාව විශාල ලෙස හිංසාවට, පීඩාවට, කායිකව, මානසිකව හිංසාවට ලක් කරමින්, අනීතිකව ක්‍රියා කිරීම දිනෙන් දින ඉහළ යමින් පවතී. මා ද එවැනි හින්දවාවකට පත්ව සිටින පුරවැසියෙකි. පොලිසිය සාධාරණ නොවන තාක් මේ රටේ නීතියේ ආරක්ෂාව ජනතාවට නොලැබේ. නීතියේ ආරක්ෂාව කෙසේ වෙතත් පුරවැසියාගේ ආරක්ෂාවත් බිද වැටෙමින් පවතී. මාතර මිරිස්ස අපරාධ කොට්ඨාසය සම්බන්ධ කර ගන්නේ කෙසේද..? දුක අංකයක් දෙන්න.