(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ 150 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ බහු දින යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මඩකලපු කොට්ඨාශ භාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සහ නාවික හමුදාව එක්ව ඊයේබ(10) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී මෙම හෙරොයින් සමග සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවද පොලිස් මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉරාන් ජාතිකයන්ගේ පමණක් පුරවැසිභාවය හෙළිකරන්නේ .අනිත් මත්ද්‍රව්‍ය ප්රවාහිකයින්ට පුරවැසිභාවයක් නැද්ද ?ඉරාන් ජාතිකයෝ විතරමද අපේ මුහුදු සීමාවේ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වෙන්නේ
මුහුදේදීම වෙඩිතියලා දාන්නයි තිබුණේ මොන එහෙකට ගෙනෙනවද?
කරුණාකර කුඩු මුදලාලිලාට සහ ප්‍රවාහකයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කරන්න .සර් චන්දෙට කලින් කිව්වේ රට රකින විරුවා ,දිවි පරදුවට තියලා ආරක්ෂා කරනවා කියලා .දැන් මේ පාපතරයන්ට විරුද්දව අත්සනක් වත් ගහන්න කොන්ද පන නැත
කොහෙටවත් ප්‍රවාහනය කරන එ්වා අල්ලලා මොකටද රට ඇතුළට ගේන්නේ... ගෙනියන්නේ? එ් මිනිසුන් එ්වා ගෙනියන තැනකට ගෙනියයි රට ඇතුළට ගේනවා කියන්නේ එ්වා නැවත වෙළඳ පළට...
කොරෝනා වසන්ගතේ අස්සේ කුඩු ජාවාරමත් නැගලා යනවා වගේ.. නිතරම කුඩු අල්ලනවා .එව්වට මක්වෙනවද කවුද දන්නේ ?