
(ජේ.කේ.එල්. චාමින්ද)
ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
මායිම් ගැටඵ, නඩු හබ නොමැති පුරන් කුඹුරු මේ වනවිට හදුනාගෙන ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පුරන් කුඹුරු අස්වැද්දිම සදහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් විශාල මුදලක් වෙන්කොට ඇති බවද පැවසීය.
මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේද කිවේය.
‘ පුරන් කුඹුරු අක්කර 17,000ක් හදුනාගෙන තියෙනවා.එම පුරන් කුඹුරු නැවත වගාකිරිමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වනවිට සකස්කොට තියෙනවා. පුරන් කුඹුරු වල දත්ත ලිපිගොණුවල පමණක් තිබිලා වැඩක් නැහැ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ආණ්ඩුවක් ආවාම ඔය සින්දුව වාදනය වෙනවා අකුරක් අඩුවක් නැතිව. එත් ගොවියෝ ටික කාලෙකින් වගාව අතාරින්නේ හේතුවක් ඇතිව. අන්න එක හොයනවා නිසැක කරන්නන් වාලේ කිරීම තේරුමක් නැති වැඩක්. ඉතින් ඔය දේවල් තේරුම් ගන්න මේ ආණ්ඩුවටත් බැහැ කියල අපි දන්නවා.
ගුණරත්න දන්න දෙකුත් නෑ නොදන්න දෙකුත් නෑ. දකුණේ පුරන් කුඹුරු 17,000ක් තියෙන්න හේතු ගොඩක් බලපානවා. අපිට ගාල්ලේ කුඹුරු තියෙන හින්දා කියන්නේ අපි බංකොලොත් නෑ. මේ පාර කිරි සම්බා අස්වැන්න වෙනදට වඩා හම්බවුනා. (වැස්සට කලින් කැපුවේ) හැටැයි අපේ බාප්පගේ එක පුරන් වෙලා තියෙන්නේ පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ හින්දා. ඒ අය අපිට දෙන්නෙත් නෑ අදේට දෙන්නෙත් නෑ. එහෙම පවුල් මෙහේ ඕනතරම් තියෙනවා. විදේශගතව ඉන්න සිංහල ඩයස්පෝරාව මිලියන 2කකට වැඩියි. සිංහල ජනගහණයෙන් 12% ඉන්නේ රට. ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 2ක්, බ්‍රිතාන්‍යයේ ලක්ෂ 2ක් ඉන්නවා. ලෝකයේ කිසිම රටක 10-15% විදේශගතවෙලා නෑ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් එලියට එන අයගෙන් 30-40% රට පනිනනවා. අපේ බාප්පත් 2001 වෛද්‍ය උපාධිය අරන් මාස 2යි ඕස්ට්‍රේලියාවට පැන්නා. රටේ මහජනතාවගේ බදු වලින් ඉගෙන ගත්තේ අය අද වැඩ කරන්නේ සුද්දට.