IMG-LOGO

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ලංකාවට

(අංජුල මහික වීරරත්න)

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත  පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග නුදුරේදීම ගන්නා බවද බව ද ජනාධිපතිවරයා කීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.



අදහස් (26)

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ලංකාවට

sugath Thursday, 23 March 2023 07:39 PM

කටින් බතල සිටුවීම.

:       7       15

Rata Perata Thursday, 23 March 2023 07:41 PM

පොල් හොරුන්ට, නය ගෙව ගන්න බරි ජනතව ඩන්ඩුවම් ඩෙන නෙඑතියෙන් වඩක් කරල පෙන්නපන් බන් ඉස්සරවෙල. ලොකෙම හොඩම එක ගෙන්න හඩන්නෙ, එත් තියෙන එකෙන් කරන්න පුලුවන් ඩෙ වත් කරගන්න බෑ . මොන අපතයෙක් ද මෙ?

:       0       1

sachith Thursday, 23 March 2023 08:12 PM

සතවර්ෂයේ හොඳම විහිළූව

:       0       1

Pradeep Thursday, 23 March 2023 08:12 PM

බැඳුම්කර මගඩිය වගේ කලින් කරපු අපරාධවලට දඬුවම් දෙන්න පුළුවන් වෙයිද?

:       0       1

Nimal Thursday, 23 March 2023 08:29 PM

එහෙම කියන්නෙ ලෝකෙම හොදම මහ බැංකු කොල්ලය කරන්න ඉඩ දුන්න කෙනා..

:       0       1

සමන්ත Thursday, 23 March 2023 08:34 PM

විධායක වග නොකියයි ඒ පනතට හාහ් හාහ් හාහ් මහ භොරා විධායකයා නේ

:       6       15

Samitha Senaka Aluthgamage. Thursday, 23 March 2023 08:55 PM

ප්‍රථමයෙන්ම, රටේ සම්පත් හොරා කෑ සියලු දූෂිතයන් අල්ලා අන්තර්ජාලයේ ඇති තොරතුරුත් උපයෝගී කරගෙන සොරා ගත් දේ නැවත පවරා ගැනීම සිදුකළ යුතුය.එසේ සිදුකිරීමට ඔබතුමා පෙරමුණ ගතහොත්,පාර්ලිමේන්තුවේ බොහෝ දෙනාගේ සහයෝගය ලැබෙනු ඇත.

:       1       15

චන්දිම ෆොන්සේකා Friday, 24 March 2023 01:10 AM

නොදෝමකින් මහා බැංකුව කොල්ල කාල ලොරිගණන් පොරටෝක් දෙන පොරවල් තමයි ලෝකේ හොඳම එක කරනවා කියන්නේ. අනේද බොල රටට ගිය කලක්.

:       8       14

Chathuri Friday, 24 March 2023 01:40 AM

කෙලින්ම කිව්වානම් ඉවරයිදකුනු ආසියාවෙ දුශිතම. කාලකන්නි දුශිතයා තමන් බව වෙන පනත් අන්වශ්‍යි සම්මත කර ගන්න.

:       7       16

චන්දන Friday, 24 March 2023 05:51 AM

බොරුවෙන්ම ජීවිතය ගැට ගහගන්න එවුන් . ස්වාධීන කොමිෂන් සභා දැම්මා නේද . දැන් ඒවට මොකද වෙලා තියෙන්නේ .

:       6       14

bud Friday, 24 March 2023 05:54 AM

මේ පිස්සාගේ කතාවලට හිනාවෙලා මැරෙන්න වෙන්නේ. හොර රැලත් එක්ක ඉන්න ගමන් : ආයේ ඉතින් හොරුන්ගේ ස්වභාවික ගතිය තමා

:       8       13

C.K.Lankaputhra Friday, 24 March 2023 07:29 AM

ලංකාවේ ඉන්න දූශිතම දේශපාලුවන් රංචුවකගේ උපදෙස් පිට උන්ගේ ආදාර උපකාර ලබාගෙන අවනීතිය භාවිතා කරමින් රට පාලනය කරන කෙනා කියනවා ලන්කාවට දූශන විරෝධී පනතක් ගේනවා කියල. මම හිනා වෙන්න ඕනෑ කොයි පැත්තෙන්ද කියල දන්න කෙනෙක් ඉන්නවා නම් අනේ මට කියල දෙන්නකෝ

:       6       10

සාර්කැස්ටික් Friday, 24 March 2023 07:41 AM

දකුණු ආසියාවේ උසම කණුව තියෙන්නෙත් ලංකාවෙ.

:       4       10

mahinda Friday, 24 March 2023 07:42 AM

එහෙනම් ඇලෝසියස් දෑතට මාංචු දාල ඒකෙම රවියත් අමුනල වැලිකඩ දයි! අනේ මේ කිරිපුස්සා තවත් විහිලු කරනවා නේ අපට.

:       5       13

Malika Friday, 24 March 2023 08:18 AM

ලොකෙම තියන පනත්, කමිටු වලින් නම් සියලු යස ඉසුරින් සපිරි සිරි ලංකාවට නම් කිසිම අඩුවක් නෑ. ඒ මොනවා තිබුනත් ලෝක හොරුන්ගෙන් අඩුවකුත් නෑ. පාලනය කරන්නේ ලොක බැංකු හොරෙක් කොට කුමන කතාද. තමන් ආදර්දමත් විදියට හිටියානම්, රටේ නීතිය අතට නොගෙන හිටියා නම් රට නිකම්ම නීති ගරුකව හැදෙයි.

:       2       12

Bandara Friday, 24 March 2023 08:19 AM

මුන් අවුරුදු 75ක් රට කෑවා. එදා හදපු නැති දූශන පනත් අද මොකටද?

:       5       11

යෝගා Friday, 24 March 2023 08:21 AM

ඇයි ලෝකෙන්ම හොඳ දූෂණ විරෝධි පනතක් ගේන්න බැරි? දකුණු ආසියාවේ වගේ පොඩ්ඩක් හරි හොරකමට ඉඩ තියන්න ඕන නිසාද?

:       5       12

බී. එම්. ආර්. බස්නායක Friday, 24 March 2023 08:26 AM

තෝරු මෝරු බේරලා හාල්මැස්සො අල්ලන පනතක්ද? දිගටම වුනේ එහෙමනේ.

:       4       11

නිහාල් Friday, 24 March 2023 08:39 AM

ලී කුවාන් යූ, මහතීර් මොහොමඩ් දෙන්නා ගෙනල්ලා අන්තිමට ගහලා එලෙව්වා. ඒ කතාව නිකන් කිව්වේ.

:       4       9

kamal Friday, 24 March 2023 08:47 AM

දකුණු ආසියාවේ හොඳම දුෂිතයන්ට දකුණු ආසියාවේ හොඳම දුෂණ පනත. කොච්චර හොඳ බෙහෙත් උනත් බිව්වේ නැතිනම් වැඩක් නැහැ. දැන් මෙච්චර කල් පොහොට්ටුවේ කපුටා ලකුණ දරන පුන්නක්කු කෑවනේ , දැන් රනිල් ඉස්ටෝස් එකෙන් පුන්නක්කු කමු. ලාබයි ,රසයි, රසයි.

:       4       10

Zone Friday, 24 March 2023 09:20 AM

බොහොමයක් , දකුණු ආසියාවේ හොඳම , විශාලම ඒවා තියෙන්නේ මෙහෙ එහෙත් , නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ , ඇල්ලු හොරෙකුත් නැහැ , හොරට සහාය වුවන් පින් රජමැදුරේ

:       6       8

Hafeel Friday, 24 March 2023 10:32 AM

කප්පම් කාරයක් කැබිනට් එකේ තියාගන දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත  පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවලු. මේක මොන විහිළු කතා. එහම නම්, මෙම පනතෙන් අර්ජුන් මහේන්ද්‍රනුත් ගෙන්න ගන්න පුළුවන්ද?

:       5       11

Jagath Friday, 24 March 2023 11:19 AM

හොරු අල්ලන්න වුවමනාවක් තිබෙනවා නම් දැනට තිබෙන නීතියත් හොඳටම ප්‍රමාණවත්.මේ මිනිහා ජනතාව රවට්ටන එක නවත්තන්නෙ නෑ කවදාවත්.මෙයා ලොකු ගේම් එකක් ගහනවා,සියලුම මැතිවරණ නවත්තලා ජනාධිපතිවරණය පවත්වන්නේ ඉස්සෙල්ලාම...මෙයා ඒකට පිට්ටනිය සකස් කරමින් සිටින්නේ..කෘතිමව රුපියල ශක්තිමත් කිරීම,IMF ණය ලබා ගත්තා කියා ජනතාව චුන් කිරීම,දූෂණ විරෝධී පනතක් කියා මිනිසුන් මුලා කිරීම ආදී නොයෙකුත් මුලා කිරිම් මගින් ජනතාව මුලාකර නීත්‍යානුකූලව ජනාධිපති තනතුරුට පත්වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ.ජනතාව තවදුරටත් මොහුගේ මුලා කිරිම්වලට මුලාවෙනවද?

:       3       10

ලමය Friday, 24 March 2023 12:25 PM

යකෝ පනත පොතේ තියෙයි, තෝයි තෝ පත්කල 134 බිලියන 2.9 න් ඔක්කොම උලාගෙන කයි

:       3       9

Ura Friday, 24 March 2023 12:33 PM

හහ් හා වරප්‍රසාද ලත් ධනවතුන්ට සහ බයියන්ට මේක අදාළ නොවේ

:       4       9

mp Friday, 24 March 2023 01:38 PM

දූෂණයට කප් ගහපු අය නේද ඔය රකින්නේ? ඒ අයගේ ආණ්ඩුව නේද තාම තියෙන්න‍ෙ?

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site