
(ඩයනා උදයංගනී)
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.
මෙම කර්මාන්ත ශාලාව හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක ස්ථාපනය කර තිබේ.
මෙහි පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් එහි නිෂ්පාදන සිදු කෙරේ.
එස්.යූ.වී රථ සඳහා විශේෂ කාණ්ඩයක් මෙන්ම මෝටර් රථ, යතුරු පැදි, ත්‍රීරෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිෂ්පාදනය කෙරේ.
මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20 %දේශීය වෙළෙඳපොළට සැපයීමට නියමිතය.
මෙහි ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස දී ඇමෙරිකාවට අපනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභයන් වේ.
මෙම කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබීම ද විශේෂත්වයකි.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරූ කාන්තාවන් මෙහි සේවයට බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.
උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබූ අතර සමරු ඵලකය නිරාවරණය කළ එය විවෘත කළ ජනාධිපතිවරයා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය ද නිරීක්ෂණය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පටන් ගත්තත්, කවුරු විවෘත කරත් මෙය රටට හොඳ ආදායමක්.. අද සතුටු දවසක්...
"මෙහි ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස දී ඇමෙරිකාවට අපනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇත." යන කියමන කෙසේ වෙතත් රටතුල රටට අවශ්‍ය නිෂ්පාදනයක් ඇරඹීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු. මෙම නිෂ්පාදන සාර්ථක වේවා යන්න එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. තවද කැළණි ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ දක්වා පවත්වාගෙන ගියානම් අද වෙනකොට මොනතරම් දියුණු උසස් තත්වයේ ටයර් රටතුළම නිපදවීමට අවස්ථා තිබුණා නොවේද?
මේ වගේ ඉක්මණට කර්මාන්ත ශාලා ඇරෙනවා නම් මැදපෙරදිග යන අයවත් නවතාගන්න පුළුවන්.
පහුගිය රජය පැවතුණු සමයේ මෙවැනි විවෘත කිරීම් වලට කඩා වැදුණු නොවැදගත් දේශපාලකයින් කුළු මීමුන් සේ හැසුරුණු ආකාරය අපට හොඳට මතකයි. නමුත්, මේ කර්මාන්ත ශාලාව රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කල එකක් වුණාට තමන්ගේ සගයින්ව කුලප්පු කරලා, එතුමා එවැනි පහත් තත්වයකට නම් වැටුනේ නැහැ. මට මතකයි ඒ කාලේ ඒ පැත්තේ රත්තරන් මාල කඩාපු හොරෙක්, මේ කර්මාන්තශාලාව කුඩා ළමයින් සෙල්ලම් කරන කාර්වලට සවි කරන ටයර් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බව පවසමින් පරිභව කළා. ගෝත්‍රික වහල් මනසක් සහිත අඥානයින් ඒ ගොන් කතා අහලා උපරිම ලෙස පිළිගත්තා. අනේ පව් නුඹලාට. නුඹලාව සතුටු කරන්න පුළුවන් එවැනි හොරුන්ටම තමයි.
රනිල් මොනවද කරේ කියල අහපු අය... කෝ?
දැන් එන්න දෙකට බෙදිලා මරාගමු...
අපේ රටේ අපිම නිෂ්පාදනය කරපු ‘‘කැළණි ටයර්‘‘ හදපු කර්මාන්ත ශාලාවට මොකද වුණේ?
එතකොට අර චීන්නු දාන්න යන්නේ වෙන ටයර් ෆැක්ටරියක්ද?
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව අද ලැජ්ජා නැතිව විවෘත කරන්නට ගිය සියළු දෙනාගේ විරෝධය මැද, රටට ආදායම් ගෙන ඒමට හැකියාව ලැබෙන පරිදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආරම්භ කරන ලද ඉතා වැදගත් කර්මාන්ත ශාලාවක්...
මේ කම්පැනියේ සැඟවුණු අයිතිකාරයන් කවුද? ඩොලර් මිලියන 100ක් වියදම් කරන කවුරුත් නොදන්නා ලාංකිකයෙක්...
මේකට මුල්ගල තියෙන දවසේ රත්තරන් කිව්වේ මේකේ හදන්නේ සෙල්ලම් කාර් ටයර් කියලා නේද?
රට තුළ රටට අවශ්‍ය නිෂ්පාදනයක් ඇරඹීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු.
මෙහි හිමිකරු අගමැතිතුමාගේ ළඟම හිතවතෙකු වුණාට පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල මහතා මගින් මෙම කර්මාන්ත ශාලාවට ඉඩම් ලබාදීම ප්‍රමාද කළා නේද?
ටයර් හදන්නද ඕනෑ. ආසියාවේ ලොකුම එක හදන්නද ඕනෑ? මේකට දාන්න රබර් කිරි ලංකාවේවත් නැහැ. රබර් කිරි පිටරටින් ගේන්න වෙයි. ආසියාවේ ලොකුම එකනේ..
ආසියාවේ ලොකුම එක හින්දා මේකට දාන්න රබර් කිරි ගෙන්නන්නේ මැලේසියාවෙන්ලු.., මාරයි නේ?
ආණ්ඩුව මාරුවෙලා තිබුණානම් බලන්න තිබුණා මෙතන කට්ටිය බෝඩ් කෑලි උස්සන් ඉන්න ලස්සන...
ඕක මුස්ලිම් ආයතනයක්ද? නිකන් ඇහුවේ...
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල ඉදිකිරීම ගැන අපි සර්ටත්, පංචායුධ කුමාරයාටත් ස්තුති කළ යුතුයි. දකුණු ආසියාවේ ලොකුම එක නොවුණා නම් මහ මදිකමක් වෙන්නයි ගියේ. මැලේසියාවේ රබර් ගෙනැල්ලා හරි කමක් නැහැ කාටහරි රැකියාවක් ලැබෙනවා නම්.
දේශපාලකයෝ කියන ඒවා නම් තුට්ටුවකටවත් විශ්වාස කරන්න නම් බැහැ. ඒ වුණත් යම් විදිහකින් මේක දියුණු වේගෙන ආවොත් යටින් කොමිස් පාරක් තියාගෙන ඉන්දියාවට හරි, චීනෙට හරි විකුණලා දාමු..
ඔයගොල්ලන් කියනවා මේක තමයි විශාලතම එක කියලා. අපිත් ඉතින් ඇහිල්ලක්, බැලිල්ලක් නැතිව විශ්වාස කරනවා. මොකද කවුරුවත් අඩි කෝදුවක් අරගෙන දකුණු ආසියාවේම තියෙන ටයර් කම්හල් මැනලා බලලා කියපු දෙයක්නේ...