
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ මත්පැන් අලෙවිසැලක් අසල සිදුවූ වෙඩි තැබීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එරට වේලාවෙන් අද අලුයම් කාලයේ මෝටර් රථ දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් 12 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් වෙඩි තැබීම් සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.
වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුද්ගල ඝාතන බහුලව වාර්තා වන රටක් ලෙස දකුණු අප්‍රිකාව සැලකෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd