(නිමල කොඩිතුවක්කු)
දික්කසාද සම්බන්ධ නඩු විභාග කිරීමේදි වඩාත් ලිහිල් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
දික්කසාද සම්බන්ධ නඩු ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම අධිකරණ සේවා කොමිසන් සභාව මගින් එවන ලද චක්‍රලේඛය අනුව අධිකරණ භූමිවල ඇති නඩු භාණ්ඩ අපහරණය කිරීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව අධිකරණ භූමිය තුළ ගොඩගසා ඇති වැලි, ගල්, දැව සහ රථ වාහන වැනි ද්‍රව්‍ය ඡායාරූප ගත කර ඒවා සංයුක්ත තැටිවල ගබඩා කර අපහරණය කිරීමේ ක්‍රමවේදයක් ක්රීයාත්මක කරන බවත් ඔහු පැවැසීය.
ඒ සඳහා අවශ්‍ය කැමරා 100 ක් ගෙන්වීමට කටයුතු කර තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මේ මගින් අධිකරණ භූමි වඩාත් පරිසර හිතකාමි තත්වයට පත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන ක්‍රමය යටතේ දික්කසාද නඩුවක් දැම්මට පස්සේ කොහොමත් ආයෙත් එකතුවෙන්න පුළුවන් කමක් නැහැ. හිටියට වඩා තරහ වෙලා තමයි වෙන් වෙන්නේ. මීට වඩා හිත හොඳින් වෙන් වුණා නම් දරුවන්ටත් හොඳයි. කොහොමත් නඩුවක් දානකොට පවුල කඩාවැටිලා ඉවරයි. නඩු අහන්න ඕනෑ අයිතිවාසිකම් තීරණය කරන්න විතරයි. එහෙම නැතුව නඩු තීන්දු වලින් පවුල් හදන්න බැහැ.
රටේ තිබුන විශාලම දැවෙන ප්‍රශ්නයකට විසදුම්. මැතිවරණ පොරොන්දුවක් වෙන්න ඇති.
උසාවියේ තියන ගල් වැලි වාහනවල ෆොටෝ ගහලා ඔය ටික ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරන්න අලුතෙන් කැමරා 100ක් ගන්නත් ඕනද..? කවුද මේ රජයේ සේවේ ඉන්නේ ගල් වද්දෝද? අනික දික්කසාද ඉක්මනට කරගන්න දෙන එකද හොඳ? නැත්නම් දික්කසාද අඩු කරගන්න උපදෙස් දෙන එකද?
වහල් ආණ්ඩුවත් මේකම කරන්න හැදුවා. අහන්න දෙයකුත් නැහැ මේ ආණ්ඩුවේ මේක කරන්නෙත් වහල් ආණ්ඩුවේම හිටපු මස් කට්ටක්. ලංකාව වගේ පවුල මූලික කරගත්ත ජන සමාජයක් තියෙන රටක වගකිවයුතු රජයක් විදිහට කරන්න ඕනේ දික්කසාද වෙන්න පහසුකම් සලසන එක නෙමෙයි, දික්කසාද නොවෙන තැනට පවුල් ආරක්ෂා කරන එක. සමාජය විකෘති වීම නිසා සහ සමාජ ආර්ථික හේතු නිසා වෙන දික්කසාද ඕනේ හැටියේ අඩු කරගන්න පුළුවන් අදාල ප්‍රශ්න විසඳනවා නම්. දරුවන්ට කෘරකම් සහ ගෘහස්ථ වද හිංසා වැඩිපුරම සිද්ධ වෙන්නේ මත්පැන් මත්ද්‍රවය වලින් සිහිය විකල් වීම නිසා සහ ඒ සම්බන්ධ වරදකරුවන්ට නීතිය ලිහිල් නිසා. ඒවා ගැනයි බලන්න ඕනේ.
වැලි, ගල්, දැව සහ රථ වාහන වැනි ද්‍රව්‍ය ඡායාරූප ගත කර ඒවා සංයුක්ත තැටිවල ගබඩා කර අපහරණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම නම් බොහොම හොදයි. හුගක් වාහන නඩු ඉවර වෙනකොට දිරලා පාවිච්චි කරන්න බැරි තත්වයටම යනවා.
අපේ සහෝදරියන් උසාවි කුඩුවට නගන්නේ නැතිව අදාළ පාර්ශව පමණක් පුද්ගලික උසාවි භූමියක නඩු ඇසීම සහ දෙදෙනාගේ කැමැත්ත ඇතිවිටක උසාවි පොලිසි නොගොස් සමත මණ්ඩලයට දික්කසාද වීමේ නෛතික බලය දීම . ජපානය වගේ උසස් රටවල් ආදර්ශ ගන්න.
දික්කසාද නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සමහර මැති ඇමතිවරුන්ට සහ සමහර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඒක ලොකු සහනයක් වේවි. අතීතය බැලුවහම ඇමතිවරු ක්‍රීඩකයෝ බොහොම දෙනෙක් දික්කසාද වෙලා තියෙනවනේ.
දික්කසාද වලත් නඩු භාණ්ඩ උසාවියේ තියෙනවද ??
කවුරු වැරදි වුනත් අවසානයේ වැඩි අවාසිය යන්නේ පුරුෂ පක්ෂයට. රටේ 60-70% ගෙවල්වල රැට කන්නේ කඩෙන්. හම්බු කරන සල්ලි නිකම්ම වියදම් කරනවා බොරු ආටෝප වැඩ වලට, බැඳපු මිනිස්සුන්ගෙන් අහල බලන්න ටීවී එක ඉස්සරහ වාඩිවෙලා නැත්නම් ෆෝන් එකේ එල්ලිලා ඕප දූප වැඩ වැඩියෙන් කරන එකයි අද කාලේ වැඩි හරියම තියෙන්නේ සමාජයේ මොනවා නීති ගෙනාවත්, අපි රට ඉඳන් එවන සල්ලි මුළු රටම බලාගෙන ඉන්නේ . ඒවා කිසිම ප්‍රයෝජනවත් විදියකට ආයෝජනයක් නැහැ
ඇමෙරිකන් ක්‍රමයට නීති හදන්න සැමියා දික්කසාද ඉල්ලනවානම් ගේදොර බිරිඳට අයිති වෙන විදිහට.