IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය එළිදකී

(හර්ෂණ තුෂාර සිල්වා)

වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (6) එළිදැක්විණි.

ශ්‍රී ලංකාවේ වාෂ්ප දුම්රිය ඉතිහාසය අලළා ඉංග්‍රීසි බසින් රචිත ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා විසිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් යන මහත්වරු මෙහිදි අදහස් දැක්වූ අතර රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් සහ සාහිත්‍යවේදී බුද්ධාස ගලප්පත්ති යන මහත්වරු ආරාධිත දෙසුම් පැවැත්වූහ. 

ජාතික දුම්රිය කෞතුකාගාරයේ ප්‍රකාශනයක් ලෙස එළිදක්වන ලද මෙම කෘතියේ කතෘ අයිතිය සහ ප්‍රකාශන අයිතිය ඇතුළු සියලු අයිතීන් ජාතික දුම්රිය කෞතුකාගාරයට ලබාදෙන බවත් ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය අලෙවියෙන් ලැබෙන මුදල් ජාතික දුම්රිය කෞතුකාගාරයේ සුබසිද්ධිය උදෙසා වෙන් කරන බව ද එම කෘතියේ කතුවරයා උත්සව සභාව අමතමින් සඳහන් කළේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු චතුරිකා සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

ඡායාරූප චතුර එස්. කොඩිකාර

 



අදහස් (1)

‘ද වයිස්රෝයි ස්පෙෂල්’ සිංහල අනුවාදය එළිදකී

Nandasiri Tennakoon Wednesday, 06 March 2019 10:29 PM

සුබපැතුම් භාරත පුතේ. අපිට ලොකු ආඩම්බරයක්!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site