(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව මාස කිහිපයක් ඇතුළත අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ වසර ඇතුළත එය සිදු කරන බවද ජනාධිපතිවරයා කීය.

සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් නීතියක් හදන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

උපරිමාධිකරණ වල විනිසුරුවන් පත් කළ යුත්තේ පහළ අධිකරණ බිඳ නොවැටෙන ආකාරයෙන් බව කී ජනාධිපතිවරයා උපරිමාධිකරණ වල පුරප්පාඩු කෙටි කලකින් විසඳිය හැකි බව අවධාරණය කළේය.

" අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට පමුණවනවා.කාලයේ වැලිතලාවෙන් කිසිවක් වැසෙන්න ඉඩ දෙන්නේ නෑ"යනුවෙන්ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කීය.