
(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
පැමිණිලිකරුවන් ගෙන් තිළිණි ප්‍රියමාලිට ලැබුණු මුදල් වලින් මෙම රුපියල් මිලියන 80ක මුදල ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ කාර්යාලයේදී ජානකී සිරිවර්ධන යන අයට ලබාදී ඇති බවට කරුණු අනාවරණය විනැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.
ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ක්‍රිස් සමූහ ව්‍යාපාරයට ඉන්දියාවෙන් මුදල් ලැබී තිබූ බවත්, පසුගිය කාලය පුරාම ඊට මුදල් නොලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි යන අයට මෙම වංචාවන් සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන්නැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබුණේ 04 වෙනිදාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මුදල් ගත්ත කට්ටන්ඩියාට කියපල්ල රුපියල් මිලියන 28ක් (35%) රජයට බදුගෙවන්න කියල, අපේ වෘශන කෝශ පස්සෙම එලවන්නෙ නැතුව.
කෝටි අටේ ආශිර්වාදය හිරේ ඇතුලේ ඉන්න එක්කෙනෙකුට පූජාවක් හැටියට දුන්නොත් හිරෙන් අතුරුදහන් වෙන්න පුළුවනි..!
බලාගෙන ගියාම ලංකාවේ ඉන්න සල්ලි කාරයෝන්ට විතරක් නෙවෙයි ඉන්දියාවෙ ඉන්න අයගේ පොකට් එකටත් විඳල නේද?.
පොලිටික්කො මිනිස්සුන්ට ඇරියා... පොලිටික්කන්ට තිළිනි ඇරියා.. තිළිනිට ගුරුකංකාරයො ඇරියා.... ඇරිල්ලේ විෂම සූත්‍රය කියන්නේ ඔන්න ඕකටයි පිංවතුනි... සාදු කියන්න....
හාල් මැස්සෝ අල්ලන්නෙ නැතුව මේක පිටිපස්සේ ඉන්න මහ මොළ කරුවෝ අල්ලන්න. සමහර විට කවුරුත් හොදින් දන්න සහෝදර සමාගමක් මේක පිටිපස්සේ ඉන්නවා වෙන්නත් පුළුවන්.
@මනිරහත් සිරිසුමන - අනේ මේ ඔබ වහංසෙ මේ කෘර පෘතග්ජන සමාජයේ සිධුවන මොංගල් කටයුතුවලට හොට දාන්නේ නැතුව පන්සලේ කොම්පියුටරේ දහමට අදාළ කටයුතුවලට පාවිච්චි කර එකත්පස්ව ඉන්නවද?
මේ රටේ සල්ලි නැත්තේ ඉගෙන ගන්නයි ,කෑම වේලක් ගන්නයි ,බෙහෙත් ටිකක් ගන්නයි විතරයි .මේවා කජු ඇට කොස ඇට ගානට නේ දීලා තියෙන්නේ .සියලුම මුදල් අවලංගු කරලා විද්‍යුත් මුදල් ගනුදෙනු අනිවාර්ය කලානම් මේවා හරියනවා