(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානය සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඥාණසාර හිමියන්ගෙන් සිද්ධියට අදාළව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර කරගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී හඬ පට කිහිපයක ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් උන්වහන්සේ කැඳවා ප්‍රකාශ සටහන් කරගත් ගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ ඔක්කොම එක බෝට්ටුවේ උදවිය.
මොකක්ද කිව්වේ බොදු බල සේනා.?
එකනීතියක් හදන්න අදහස් හුවමාරු කරගන්න ඇති.
මේ අපේ සඟ රජු වෙන්න බෑ. මේක ලොකු වැරදීමක්.
දැන් මෙයා අනුන්ගේ මඟුල්වලටනේ කෑගැහුවේ ගෝඨගෙ හයිය අරන්. දැන් දෙමුකෝ උත්තර. බුදු දහමේ නම ගාවගෙන චීවරයට අපහාස කරන්නේ මෙන්න මේ අය. කොහෙන්ද සල්ලි මේවට.
පාස්කු ප්‍රහාරය එල්ල වෙන බව වගේම සහරාන් කල්ලියේ භයානක කම මේ හාමුදුරුවො කිව්වම වෙන ආගම් වල උන් ආගම්වාදියෙක් කියලා හංවඩු ගහලා, ස්ටෑන්ඩ් අගේන්ස්ට් රෙසිසම් කියලා බුකියේ හෙන කැම්පේන් එකක් ගෙනිච්චා. අන්තිමට උන්ගෙන් බෝම්බ සැනකෙලියක් කෑවම ටික කාලෙකට ඇත්ත තේරුනත් ආපහු අගරදගුරුගේ කැම්පේන් එකෙන් උන්ව සුද්ද කර ගත්තා. අනේ එයාල එහෙම නෑ කියල අරගලේදි උන් තුරුලු කරන් ඉම්බා.. හැබැයි ඇමරිකාව අන්තවාදීන්ට සම්බාදක පනවනවා. ප්‍රභාකරන් කියපු සති 2 නියමය වෙනුවෙන් උන්දැට සම්මානයක් දෙන්න ඕන ඊලඟ පාරත් හොඳවැයින් කෑවට පස්සේම.
"උන්වහන්සේ කෙළවා ප්‍රකාශ සටහන් කරගත් ගත් බව..." ක්‍රමය නම් උන්වහන්සේට ගැලපෙන ක්‍රමයක් තමයි. නැතුව සාමාන්‍ය විදියට කථා කරන්න පු
@Alfread මට හිතෙන්නේ ඔයා මෙයාලගේ අති දක්ෂ රගපෑමට රැවටිලා වගේ.
ලොකු සල්ලි වංචාවක් වෙලා තියනවා නම් ඒකට අනිවාර්යයෙන්ම චීවරධාරියකු සම්බන්ධයි. පුදුම රටක් මේක.
අසාද් සාලි සහ ඥානසාර හාමුදුරුවෝ දෙන්නම හොඳ යාළුවෝ වගේ.
මොකද සද්දයක් නැත්තේ? වැරැද්දට වැරැද්ද කියන්න පුරුදු වෙන්න. නැත්නම්, මොනා කලත් වගතුවක් නම් වෙන්නේ නැහැ. අර මගේ කොමෙන්ට්ස් හා ඔයාලගේ මතයට විරුද්ධව දාන කොමෙන්ට් වලට තව දඩිස්ලයික් දාන්න ඇති වෙන්න.