
( පාලිත නානායක්කාර)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බදුල්ල විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද 17 හපුතලේ නගරයේ කළ වැටලීමක දී අලෙවි කිරීම සඳහා තබා තිබූ තහනම් වල් නාශක බෙහෙත් පැකට් 264 ක් සිය භාරයට ගත් බව බදුල්ල කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
තහනම් වල්නාශක ගොවීන්ට අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
නීති විරෝධී ලෙස තහනම් වල්නාශක අලෙවි කිරීමේ චෝදනාව යටතේ සැකකාර වෙළඳ සැල් හිමියාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ද බදුල්ල කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පවසයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd