
(එම්. කේ. නන්දසේන)
තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුබුදුගම, කොහොඹගහ පෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (17) පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ පේමකුමාර නැමැති 45 හැවිරිදි දෙදරු පියෙකි. මියගිය පුද්ගලයාගේ බිරියගේ සොහොයුරියට අයත් යාබද නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා දිනපතා අධික ලෙස බීමත්ව හැසිරෙන අයෙකු බවත්, බිරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
ෙසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තිස්සමහරාම පොලීසිය සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සිදුකොට ඇති බව කියන මරණකරුගේ මාමණ්ඩිය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිස්සමහාරාමේදී අයෙක් කපා කොටා මරලා