
(චන්ද්‍රසේන ගමගේ)
තිස්සමහාරාම කිරින්ද හාජියාර් ගම්මානයේ පවුල් 120ක් පමණ දැඩි පානිය ජල හිඟයකින් පිඩා විදිමින් සිටින බව එහි වැසියෝ පවසති.
හාජියාර් ගම්මානය රණසිංහ ප්‍රේමදාස මහතා ලබා දුන් උදාගමක් බවත් විවිධ කාලවලදී එම ගම්මානයට පානීය ජලය ලැබුණු බවත් හාජියාර් ගම්මානයේ වැසියෝ කියති.
නමුත් දැන් වසර 30 ක පමණ කාලයක් සිට මේ ගමට වතුරු එන්නේ නෑ.හැමදාම හාජියාර් ගම්මානයේ අය වතුර නැතිව පීඩා විදිනවා යැයි ඔවුහු කියති.
අපි කොතකුත් ජලසම්පත් මණ්ඩලයට කිවුවත් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔවුන් අසමත් වෙලා. දැන් අපිට මේ ගමේ ඉන්න බැරි තත්වයකට ඇවිල්ලා. අපිට මේ ගෙවල් දොරවල් අතහැරල යන්න වෙලා තියෙන්නේ යැයි හාජියාර් ගම්මානයේ වැසියෝ කියති.
පහුගිය දිනවල මේ ගම්මානයේ බහුතරයක් ජනතාව නෝබ්බි අල්ලුවා.ඒ අය ඒ දිනවල හොද සෞඛ්‍ය තත්වයකින් පසු වන්නේ නෑ. ඒ අයට බොන්න වතුර ටිකක් දෙන්න ජලසම්පත් මණ්ඩලයට බැරි වුණ බවද ඔවුන් පවසති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රබල දේශපාලකයින් හිටියා. අපේ ගම වටේම ජල මූලාශ්‍ර තිබෙනවා. කිරිඳි ඔය ගලා බහින්වා. යෝද වැව තිබෙනවා.නමුත් අපිට ඒවායෙන් වතුර ටිකක් ලබා දෙන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න මේ පාලකයොන්ට බැරි වෙලා යැයි හාජියාර් ගම්මානයේ වැසියෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිස්සේ ගමකට වසර 30කින් බොන්න වතුර නෑ
Wadhisinghe Sunday, 23 April 2023 08:47 AM
තව අවුරුදු තිහක් පවතින දේශපාලනයට ම ඡන්දෙ දීපල්ලා
SURATHALA Sunday, 23 April 2023 03:13 PM
ජනතාව පදිංචි කිරීමට, ප්‍රථම ඔවුන්ගේ යටිතල පහසුකම් සපුරා දිය යුතුයි.