(සුමිත් පොතුපිටිය)
බන්ධනාගාරයේ සිට පානදුර අධිකරණයට රැගෙන ආ රැදවියකුට ලබාදීම සදහා අයිස් මත්ද්‍රව්‍ය තිසර පට අස්සේ සගවාගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුමුල්ල මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
සැකකාරියගේ පියාද බන්ධනාගාර ගතකර සිටින බවත් ඔහු අද දිනයේ අධිකරණයට රැගෙන ඒමට නියමිතව සිට ඇති බවත් පොලිසිය සදහන් කරයි.
එහිදී සිවිල් ආරක්ෂක නිලධාරීනි අය පරීක්ෂා කිරීමේදී තිසරපට අස්සේ සගවාගෙන ආ ගිනි පෙට්ටියක් තුල කුඩා පොලිතින් කවරවල අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලිසිය කීය.
සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd