
(රෝෂන් තුෂාර)
ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන් මුදා හැරයේ යයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය .
දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකරු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ කාර්යාලයට ආසන්නයේ බන්ධනාගාරයක රඳවා සිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා කළ කරුණු දැක්වීමේ සලකා බැලීමෙන් පසුව මෙසේ බන්ධනාගාරය මාරු කිරීමට අවසර ලබා දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙල්ෆ්ට් දූපතේ බන්ධනාගාරෙට යවන්න. අනවශ්‍ය කරදර අඩුයි..
පොඩ්ඩක් හිතලා බලන්න මිත්‍රවරුනි, බන්ධනාගාරය බාර ඉහළම ලොක්කා මොහොතකට හරි බන්ධනාගාරගත වෙනවා කියන්නේ මොන තරම් අවමන් සහගත දෙයක්ද?
මූට ඇප දෙන්න එපා.