
(රංජිත් රාජපක්ෂ)
තුවාල සහිතව මියගොස් සිටි හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ සිරුරක් අද (25) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
නෝටන්බ්රිසජ් විමලසුරෙන්ද්රැ ජල විදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයේ පුද්ගලික ඉඩමක තේ වත්තේ මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් විසින් දැක ඒ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලයට දැනුම් දුන් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේෙය.
අවු 08 පමණ වයසැති මිය ගිය කදුකර කොටියා පිරිමි සතෙකු බවත්, මිය ගිය කොටියාගේ සමේ කොටසක් කිසියම් පිරිසක් කපාගෙන ගොස් ඇති බවට සැකකරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
මියගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd