(යොහාන් භාසුර)
කුරුණෑගල, උයන්දන ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 165 ක් හෙවත් කිලෝග්‍රෑම් 165,000 ක් අද (02) පස්වරුවේ බාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර හතක් පමණ දුරින් පිහිටි මෙම ගබඩාව පාරිභෝගික කටයුතු ආධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවත් සීනි තොගය වෙළඳපොලට ඉදිරිපත් කිරීමෙන් තොරව මාස කීපයක් තිබී ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම සීනි තොගය සඟවා තබන්නට ඇතැයි සැක කරන බව සඳහන් කළ පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිළධාරියා මේ පිළිබඳව ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි නාට්‍යයේ ප්‍රතිඵලය, කළින් සීනි කිලෝ 1ක් තිබුණේ කීයටද? දැන් 130යි.. කොහොමද ජනතාව ගොනාට අන්දන හැටි..?
හංගපුවා අල්ලනවා. සීල් තියනවා. ඒ ගොල්ලන්ට සල්ලි ගෙවනවා. ආණ්ඩුව ගන්නවා, අපිට විකුණනවා. අඩු කළ බද්දෙන් අසීමිත ලාබ ලබපු කල්ලිවලට දෙපැත්තන්ම හිනා ඇති. හොර පූසාට උඹලකඩ කෑල්ලෙන්ම ගහනවා. ඔන්න වැඩ..