තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

චමල් රාජපක්ෂ - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය

එස් බී දිසානායක - අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධ අමාත්‍ය

පවිත්‍රා වන්නිආරච්චි - ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම විනෝදයි මේ විදිහට හැමදාම දිවුරුම් දීම. අපිත් කට අැරගෙන බලාගෙන ඉන්නවා අද කවුද පැන්නෙ කියලා බලාගන්න.
ඇමතිවරුන්ට වාහනත් ගෙන්නමු...නිලනිවාස හදන්න පටන්ගමු..ජනතාව බඩගින්නේ ඉන්න පටන්ගමු..
චමල් රාජපක්ෂ ඇමති වෙන්න ඡන්දෙවත් ඉල්ලුවද අනේ මන්දා.
ටික ටික හතළිහක් පනහක් වෙනකල් යයි වගේ.
මදි මදි තව ඇමතිවරු පත්කරන්න ඕන.
කවද්ද මේ දිවිරුම් දෙන නාඩගම අහවරක් වෙන්නේ? දවසෙන් දවසට ඇමතිවරු පත් කරන ආණ්ඩුවක් අපි මේ දැක්කාමයි. මේ වැඩේ අපිට දැන් ඇති වෙලා තියෙන්නේ ඔන්න.
තව නාඩගම ඉවර නැහැ මොන පැත්ත ආවත් මිනිස්සුන්ට මොලේ වැඩ කරනකන් ඔහොම යයි
මේක තමා සෙල්ලම.. මේ අයම පත්වෙනවා අයින් වෙනවා. හැමදාම පත්වීම්.. එජාප කරපු දෙයක් නැහැ.
කසකාරයෝ ගියා. දැන් නැට්ටුවෝ හැබැයි ඔය අතරේ බෙරකාරයෙකුටත් වෙස් තියන බව පෙනෙනවා. හැබැයි ජනතාව වෙස් ගලවාවී.
එකසිය ගණනකට දිව්රුම් දෙන නාඩගම බලන්න පුළුවන් 30 ක් 40 කට දිව්රුම් දෙන නාඩගම බලන්න බැරිද?
එතකොට හිටපු මාරපන අධිකරණ ඇමති උනේ කොහෙන් ඡන්දෙ ඉල්ලලාද රෝහණ. නොදන්නා දේවල් බොහොමයි කියා පෙනෙනවා?
හොඳ ඇමතිකමක් හොඳට ජරාව කන්න පුළුවන් . බෙදා හදාගෙන කන්න පුළුවන්
ජනාධිපතිට මොනා උනාද මන්දා...... දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ .
ආතතිය හොඳටම නැගලා වගෙයි
ඡන්දෙන් පැරදුන අයටත් ඇමතිකම් දෙන රටක්නේ මේක. නියමයි. ඔහොම යමු. ලංකාවේ මිනිස්සුන්ට දිවි නහගන්න වෙන්නේ.
භය වෙන්න එපා අපි ලෝක වාර්තාවක් තියනවා දවස ගානේ ඇමතිවරු පත් කරලා.
විලි ලජ්ජය්.
එස්. බි. ට දීපු ඇමතිකම හරියට නරියට කුකුල්ලන් බාරදුන්නා වගේ ...!!