
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සීනි බදු සුදුලුණු සහල් සහ කිරි හරක් ඇතුලු තව වංචා නඩු ඉදිරියට එන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.
සීනි බදු වංචාව තියෙනවා. කළා. මම පැමිණිල්ල කළේ. අපි අතාරින්නෙ නෑ. නඩුව ගෙනියනවා. සුදුලුණු වංචාව තියෙනවා. කළා. සතොස හාල් ගෙනල්ලා ගුල්ලො ගහලා කියලා දොර ළඟ තියලා බියර් කොම්පැනි වලට වික්කා. සතොස සහල් අඩු ගාණට විකුණලා ආපහු සතොසට දුන්නා. කිරි හරක් ගෙනාවා. ඩොලර් වලින් ගැහුවා. සමහරැ අධිවේගී මාර්ගවලින් ගැහුවා. ආයුර්වේද සංස්ථාවේ රාජ්‍ය නිලධාරීන් රාජිතගේ ගෙදර වැඩ කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක දෙයක්වත් ජනතාවට වැදගත් නෑ...ජනතාවගේ ප්‍රශ්න විසඳන්න රජයක් නෙවෙයි. නඩු දමමින් කාලය කන, ජනතාවගේ බඩට ගහපු කාලකණ්ණි ආණ්ඩුවක්. මේකට දැන් ගොට්ටන් ටික කුලප්පු වේවි...
බලයේ හිටපු දේශපාලනඥයින් පමණක් සිටින්නේ ඇයි?. වංචාව ආරම්භ වූයේ කිසිදු සහතිකයක් නොමැතිව කතානායකවරයා ලෙස කටයුතු කළ වැඩකට නැති වෘත්තීය සමිති මිනිසාගෙන් ය. කන්ටේනර් 323 ක් මුදා හැරීම දැන් ඉතිහාසයේ ඇත. දුප්පත් ජනතාවට සහල් ලෙස කොමිස් මුදල් 65 කට ලබා දුන්නේය. ලැයිස්තුව දිගටම පවතියි. එන්පීපී පාලන තන්ත්‍රයේ තවත් බොහෝ වංචනිකයින් සහ මාෆියාව සමඟ කටයුතු කරන හොරු සිටිති....
කටු කාපු ඈයින්ට මේවා වැදගත් නැහැ. ඒ වුණාට රටේ ජනතාව දුප්පත් වුනේ බඩට වැදුනේ මේවායින් බව මේකේ කොටන කීප දෙනෙකුට තවමත් වැටහෙන්නේ නැහැ. වතුර බීලා නිදාගෙන හොරුන්ටම කත් ඇදපල්ලා...
මොවුන් හිරේ දැම්මාට මදි... ජනතාවට අවශ්‍ය වන්නේ උපයාගත් මුදල් අයකර ගැනීමයි...!!!
මාලිමාවට දීපු ඡන්දය රටක් වටී. මේ විදියට වංචා, දූෂණ නවත්වනකොට රට ඉබේටම දියුණු වෙනවා නියතයි.. මාලිමාවට ජයෙන් ජය...!
වංචාවන්ට සම්බන්ධ සියලු දෙනාටම නඩු පවරන්න. නිර්දෝශි බව ඔප්පු කරන්න පුළුවන් අය බේරෙයි.
හොරු සහ නඩු හැර වෙනත් දැයක් මොවුන්ට නැතිවමද ? අපේ ජීවන තත්වය දිනින් දින පහළට. මේ පචයන්ට ඒක ගැන වගේ වගක් නැහැ.
උසාවිය තියෙන්නේ ඔයාගේ ගෙදර කුස්සියේද? නැත්තන් කොහොමද මේවා පේන කියනවා වගේ කියන්නේ...?