IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තව නඩු පෝලිමට එනවා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සීනි බදු සුදුලුණු සහල් සහ කිරි හරක් ඇතුලු තව වංචා නඩු ඉදිරියට එන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා  පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ  රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

සීනි බදු වංචාව තියෙනවා. කළා. මම පැමිණිල්ල කළේ. අපි අතාරින්නෙ නෑ.  නඩුව ගෙනියනවා. සුදුලුණු වංචාව තියෙනවා. කළා. සතොස හාල් ගෙනල්ලා ගුල්ලො ගහලා කියලා දොර ළඟ තියලා බියර් කොම්පැනි වලට වික්කා. සතොස  සහල් අඩු ගාණට විකුණලා ආපහු සතොසට   දුන්නා. කිරි හරක් ගෙනාවා.  ඩොලර් වලින් ගැහුවා.  සමහරැ අධිවේගී මාර්ගවලින් ගැහුවා. ආයුර්වේද   සංස්ථාවේ රාජ්‍ය නිලධාරීන්  රාජිතගේ  ගෙදර වැඩ කළා.



අදහස් (8)

තව නඩු පෝලිමට එනවා

prasanna Wednesday, 04 June 2025 06:04 PM

ඔය එක දෙයක්වත් ජනතාවට වැදගත් නෑ...ජනතාවගේ ප්‍රශ්න විසඳන්න රජයක් නෙවෙයි. නඩු දමමින් කාලය කන, ජනතාවගේ බඩට ගහපු කාලකණ්ණි ආණ්ඩුවක්. මේකට දැන් ගොට්ටන් ටික කුලප්පු වේවි...

:       48       30

Asela Wednesday, 04 June 2025 06:07 PM

බලයේ හිටපු දේශපාලනඥයින් පමණක් සිටින්නේ ඇයි?. වංචාව ආරම්භ වූයේ කිසිදු සහතිකයක් නොමැතිව කතානායකවරයා ලෙස කටයුතු කළ වැඩකට නැති වෘත්තීය සමිති මිනිසාගෙන් ය. කන්ටේනර් 323 ක් මුදා හැරීම දැන් ඉතිහාසයේ ඇත. දුප්පත් ජනතාවට සහල් ලෙස කොමිස් මුදල් 65 කට ලබා දුන්නේය. ලැයිස්තුව දිගටම පවතියි. එන්පීපී පාලන තන්ත්‍රයේ තවත් බොහෝ වංචනිකයින් සහ මාෆියාව සමඟ කටයුතු කරන හොරු සිටිති....

:       32       30

සෙනෙවිරත්න Wednesday, 04 June 2025 08:01 PM

කටු කාපු ඈයින්ට මේවා වැදගත් නැහැ. ඒ වුණාට රටේ ජනතාව දුප්පත් වුනේ බඩට වැදුනේ මේවායින් බව මේකේ කොටන කීප දෙනෙකුට තවමත් වැටහෙන්නේ නැහැ. වතුර බීලා නිදාගෙන හොරුන්ටම කත් ඇදපල්ලා...

:       0       1

Polonnaruwe Hitan Thursday, 05 June 2025 04:21 AM

මොවුන් හිරේ දැම්මාට මදි... ජනතාවට අවශ්‍ය වන්නේ උපයාගත් මුදල් අයකර ගැනීමයි...!!! 

:       0       1

Sameera melbourne Thursday, 05 June 2025 04:57 AM

මාලිමාවට දීපු ඡන්දය රටක් වටී. මේ විදියට වංචා, දූෂණ නවත්වනකොට රට ඉබේටම දියුණු වෙනවා නියතයි.. මාලිමාවට ජයෙන් ජය...!

:       0       1

Bunny Preena Thursday, 05 June 2025 09:32 AM

වංචාවන්ට සම්බන්ධ සියලු දෙනාටම නඩු පවරන්න. නිර්දෝශි බව ඔප්පු කරන්න පුළුවන් අය බේරෙයි.

:       0       1

sene Thursday, 05 June 2025 12:03 PM

හොරු සහ නඩු හැර වෙනත් දැයක් මොවුන්ට නැතිවමද ? අපේ ජීවන තත්වය දිනින් දින පහළට. මේ පචයන්ට ඒක ගැන වගේ වගක් නැහැ.

:       2       0

prasanna Saturday, 07 June 2025 04:10 PM

උසාවිය තියෙන්නේ ඔයාගේ ගෙදර කුස්සියේද? නැත්තන් කොහොමද මේවා පේන කියනවා වගේ කියන්නේ...?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site