(රංජිත් රාජපක්ෂ)

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) දින උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 17 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ

තුවාලකරුවන් අතර කාන්තාවන් 16ක්  සහ එක් පිරිමි පුද්ගලයෙකු වේ.

හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්ත ඉහළ කොටසේ 7වන තේ යායේ ගසක සහ ගලක් මත බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී ඒ අසළ වැඩ කරමින් සිටි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරුවෙකු මාධ්‍ය හමුවේ පැවසීය.

බඹර ප්‍රහාරයට ලක් වු පිරිස මුදා ගැනීමට දුමාරයක් ඇති කර උත්සහ කලද එම දුමාරය ඇති කල පිරිසටද බඹරුන් පහරදී තිබේ.

මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින අයහපත් කාළගුණයත් සමග බඹරුන් ඇවිස්සෙන් බව වතු කම්කරුවන් පැවසීය.