
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජපන් සංචාරකයින් 250ක් දිවයිනට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරකයින් පිරිසට, ජපානයේ ව්‍යාපාරකයින්, ආයෝජකයින් සහ වෘත්තීයවේදීන් පිරිසක් ඇතුළත් වන බව අමාත්‍යංශය කියයි .
සංචාරක කණ්ඩායම ගුවන්තොටුපළේදී ඉතා හරසරින් පිළිගත් අතර, එම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යය ජනිත රුවන් කොඩිතුවක්කු ,අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල මහත්වරු ද එක් වූහ.
ජපන් සංචාරක කණ්ඩායම සැප්තැම්බර් 04 වන දින දක්වා දිවයිනේ රැඳී සිටින අතර සීගිරිය, අනුරාධපුර වැනි ප්‍රදේශවල ඓතිහාසික ස්ථාන නැරඹීමට ඔවුහු පිටත්ව ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd