
(අංජුල මහික වීරරත්න)
සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (16) සහභාගී විය.
ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව ජනාධිපතිවරයා ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත විය අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ,විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාවැනි බිළින්දා.. වර වර ළඟට කැන්දා.. දුක සැප කුමන්දා.. අසන නිරිඳෝ වෙන කොයින්දා.
අනේ ඔව් අපි වැල් පාලමේ.. ඒත් මෙයා වී12 බෙන්ස් එකෙන්..!
දුවේ පුතේ, නුඹලාගේ අනාගතේ නැති කරපු එක්කෙනෙක් තමයි ඔය තවමත් බොරු පොරොන්දු දෙන්නේ...
තවත් පින් පඩි ගිලින සේනාවකුත් අරගෙන වගේ බයි ගමකට ගිහින් තියෙන්නේ.අර ශෂේන්ද්‍ර යා තාමත් කැබිනට් එකෙත් ඉන්නවදෝ?ඕකව වහාම ගහලා පන්නන්න
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත පවුල් පාලනේ අයව රකින පින් ජනපති ගැන මොන කතාද...?
ජාතියේ ගැලවුම්කාරයා ....
මෙය සමස්ථයක් ලෙස පාසල් යන්නේ ඔහු පසුගිය දා ළමයින් ගැන කළ ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට ය. ඔහු අපේ ජනාධිපති නොවේ ඔහු කණුවක එල්ලිය යුතු ද්‍රෝහියෙකි
තමන්ට ජාතික උන දරුවා පෝරණුවට විසිකර අය ගැන අහලා නැද්ද ?
ජනතාව රවට්ටන බොරු මාධ්‍ය ෂෝ මේවා.රටේ බහුතරය බූරුවෝ නිසා හොඳයි .මේවා නැට්ට පිටින්ම ගිලින්න
දෙමව්පියනි, බොහොම කරුණාවෙන් ආදරයෙන් මේ ඉල්ලීම කරන්නේ.... ඔබේ දු දරුවන් ප්‍රවේශම් කරගන්න.
කොල්ලනේ ඔය බිල්ලෙක් ඇවිල්ලා උඹලාව රවට්ටලා කරවල වාඩියකට විකුනන්නයි මේ ලැහැස්තිවෙන්නේ. අතට අහුවෙන දෙයකින් නෙලලා පැනගනිල්ලා.
මේ වගේ කටුක පරිසර ඔබතුමාට ගැලපෙන්න් නෑ. ඒසී නැතුව ඉන්න එකනේ අරුම පුදුමය.
අනේ මේ පොඩි එවුන්ට තිබුන රට නේද උඹලා රැල මේ විනාස කරලා තවත් ඉඳගෙන සුරංගනා කතා කිය කියා තව තවත් ගොඩ ගන්න බැරි අගාදයකටම ඇදලා දාන්න හදන්නේ? ඒක හෙන ගහන අපරාදයක් නේද?
දුවේ පුතේ, ඔයාලා ඉස්සරහා ඉන්නේ මේ රට විනාශ කරන්න වල කපාපු ඔයාලට ඔතන කලිසම් කොටයක් ගහගෙන දෙවේලක් බඩගින්නේ ඉන්න සිද්ද කරපු හොරු. ඔවුන්ගේ සුරඟන කතා අහන්න එපා. සියඹලාණ්ඩුව නගර සීමාව පනිනකල් වත් ඔවුන්ගේ ඔලුවල ඔයාලා රැඳෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ මුහුණු අපේ හිත්වල කැටයම් වෙලා කියලත් මතක තියාගන්න. ඒ ඔයාලගේ ජීවිතේ දුක අපිට දැනෙන නිසා..
රනිල් රාජපක්ෂනම් දැන් හොඳ නළුවෙක් වගේ.
පුතාලා ඔහොම ඉන්න..., මම වැල ඇදලා ඉවර වෙනකන්...!
හෙට අනිද්දාට චූටි ළමයාවත් වඩාගන්න හොඳේ...!
පුතාලා විතරක් නෙවෙයි පුතාලගේ දරුවොත් අපි තමයි ණයකාරයෝ කෙරුවේ.
ළමයින්ට වඩා ඉන්නේ ඇමතිලානේ.?
අහු මගේ පුත්ලා. මේ අය කවදාවත් ඔයාලගේ ජිවිත වලට සෙතක් කරන්නේ නැහැ.