IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තිලීපන් සමරුමට තහනම් නියෝගයක්

(ඉන්දිකා  රාමනායක)

එල් ටී ටී ඊ සංවිධානයේ  දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු ව සිටි  තිලීපන් නැමැත්තා  සිහිකරමින්  ත්‍රිකුණාමලය  වරාය පොලිස් වසමේ   කූලකොට්ටන්  ශාලාව, ගාන්ධි වටරවුම,  හා ත්‍රිකූණාමලය පොලිස් වසම තුළ  අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු   සැමරුම් උත්සවයක් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණව විසින්   තහනම් කරමින් නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මේ වෙනුවෙන් සැමරුම් කිහිපයක්  සුදානම් කර ඇති බවට වරාය පොලිස්  ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව ත්‍රිකූණාමලය මහේත්‍රාත් අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා  මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම සැමරුම මගින්  ප්‍රදේශයේ සිංහල,  දෙමළා, මුස්ලිම් ජනවර්ගයා අතර වෛරය, ක්‍රෝධය,  අසමගිය  ඇති විය හැකි බවත්,අනෝන්‍ය  සම්බන්ධතාව බිඳ වැටී මහජන සාමය  පවත්වාගෙන යාම බලවත් තර්ජනය බවත් එම නිසා මෙම සැමරුම් තහනම් කරන ලෙසට  පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලීමක් කර  තිබුණි.
එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින්  තිලීපන් සමරා  උද්ෂෝෂණ, සම්මන්ත්‍රන, විරෝධයක් , පෙළපාලි හෝ  කිසිදු උත්සවයක් පැවැත්වීම තහනම් කරමින්   ත්‍රිකුණාමලය   දෙමළ ජාතික සන්ධානයේ  සභාපති  ආර් එෆ්  ජෙරම්,   ත්‍රිකුණාමලය දෙමිළ ජාතික සන්සදයේ   කමිටු සාමාජික  රමේෂ් නිකලස්, මූතුර් ආබාධිත    සංසදයේ සභාපති සුහිර් ද ප්‍රියා, ඇතුලු පස් දෙනකුට මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

 



අදහස් (3)

තිලීපන් සමරුමට තහනම් නියෝගයක්

සරත් කුමාර Tuesday, 26 September 2023 11:19 PM

එල්.ටී.ටී.ඊ. තහනම් නම්, ත්‍රශ්තවාදී සංවිධනයක් නම්, එහෙම සංවිධානයක් සමරන්ඩ මේ රටේ ඉඩක් තියෙනවද? ඒක නවතන්ඩ එක එක තැන්වලට අදාලව අධිකරණ වලින් ආයෙ අමුතුවෙන් තහනම් නියෝග ඕනෙද? ඒවායේ සංවිධායකයන් අතඩංගුවට ගන්න බැරිද? මේ රටේ තියෙන නීතියි, එව්ව ක්‍රියාත්මක වෙන විදියයි, ඒ නීති බලපාන තරාතිරමයි තේරුම්ගන්ඩ තව ආත්ම දෙකතුනක් මේ රටේම් ඉපදුණත් පුළුවන් වෙයිද මන්ද..

:       0       1

Bamunuarachchi Wednesday, 27 September 2023 01:41 AM

තහනම් නියෝග එපා පොලිස්සියට නිවාඩු දෙන්න. අපි සැමරීම තවත් නිවාඩු දිනයක් කරන්නම්.

:       0       1

රංජිත් Wednesday, 27 September 2023 03:27 PM

අපරාදෙනෙ තරිඳු උඩ්ඩට අප්සෙට් ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site