
(ජේ.ඒ. එල් ජයසිංහ)
තෙල්දෙණිය කරල්ලියද්ද නවනගරයේ හෝටලයක අන්තරායකාරක විෂ මත් ද්‍රව්‍ය ලඟ තබා ගනිමින් සහ ඒවා භාවිතා කරමින් , මත් සාදයක් පැවැත්වී යැයි ඇප මත මුදා හැර සිටි සැකකරුවන් 27 දෙනාගෙන් 25 දෙනකු අධිකරණයේදී වරද පිළිගැනීම නිසා ඔවුන් සියලු දෙනාට රුපියල් 1,65,000ක දඩයක් ගෙවැන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා ඊයේ (17) නියෝග කළේය.
අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් දෙදෙනකුට මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුවේ චූදිත තරුණියන් සිවුදෙනා සම්බන්ධයෙන් විමර්ශණය කර වැඩි දුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව අධිකරණයට කරුණු ඉදිරිපත් කල තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම් චන්ද්‍රපාල මහතා මහේස්ත්‍රාත් වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
චූදියන්ට එල්ලවූ චෝදනා අනුව පිළිවෙලින් රුපියල් 5000 රුපියල් 6000 ,රුපියල් 11000 , රුපියල් 12000 සහ රුපියල් 17000 දහස බැගින් දඩ නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් සඳහා පමණක් විශේෂ විමර්ශන හෝ වාර්තා ඇයි??? ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කොහෙද?