IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තලතාට එජාපයෙන් ආරාධනයක්

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට   හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.

එසේම ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන  රැලියට සහභාගී වීමටද ආරාධනා කර ඇතැයි  එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (17)

තලතාට එජාපයෙන් ආරාධනයක්

අශෝක Saturday, 24 August 2024 11:25 AM

ඔන්න හිටපු පක්ෂේ ඉන්නේ හොරු කියලා කම්බා හොරු ඉන්න පක්ෂයකට පැනගන්න ලෑස්ති වෙනවා...!

:       30       34

මැක්ස් Saturday, 24 August 2024 11:52 AM

මේවනේ බොලේ නාට්‍ය පිටපත්...! කෙසේ වුවත්, සජිත් වැනි බියගුල්ලෙකුට සහ විහිලුකරුවකුට වඩා රනිල් මහතා සුදුසුයි.

:       31       45

randil dunuwilleSaturday, 24 August 2024 04:41 PM

ඔයත් ඡන්දෙ දෙන්න රනිල්ට කියලා කිව්වා නම් ඉවරනේ... වැල් වටාරම් නැතිව...

:       3       11

ගමේ එකාලා Saturday, 24 August 2024 12:21 PM

කොහොමටත් තලතා එ.ජා.පෙ. රනිල්ලා එක්ක එකට හිටපු අය. පරණ යාලුකම් ආයේ අලුත්වෙලා?

:       1       42

Rata Perata Saturday, 24 August 2024 12:42 PM

අවුරුදු 4ක් කිසිම අමාරුවක් නැතිව ඉඳලා ඡන්දය කටේ තියාගෙන ඉල්ලා අස්වුණේ මොකද කියලා හිතාගන්න බැරි තරම අපි මෝඩ නෑ... මේ මැක්කන්ට ඔක්කොම හිතේ අමාරු, කලකිරීම් ඔක්කොම එන්නේ ඡන්ද කාලෙට තමයි...

:       30       32

Dharmatileke Saturday, 24 August 2024 01:54 PM

එජාපයේ අපේක්ෂකයෙක් නැතිව මොකටද රැස්වීම් තියන්නේ... අලියා රනිල් විනාශ කළා.

:       7       16

Liyanage Saturday, 24 August 2024 02:50 PM

සජිත්ගේ වෙලාව හොඳයි. ඔක්කොම කුණු කන්දල් බේරෙ වැවට...

:       14       13

sam Saturday, 24 August 2024 03:15 PM

අලුතින් ආරාධනා කරන්න දෙයක් නැහැ... මෙයා පහුගිය කාලෙම හිටියේ එහෙ තමයි. අපි නොදන්න අතුකෝරාලලා...!

:       5       16

පිටිගල මිලානෝ Saturday, 24 August 2024 04:18 PM

ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති.. කොහොමත් මැතිසබය තව මාසයයි. අස්වුණා නැතා කියලා ලොකු වෙනසක් නැහැ.. ගැහැණුන්ගේ මායම් වලට රැවටෙන්න එපා.

:       3       14

පිටිගල මිලානෝ Saturday, 24 August 2024 05:04 PM

ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති... කොහොමත් මැතිසබයට තව මාසයයි... අස්වුණා, නැතා කියලා ලොකු වෙනසක් නැහැ... ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති. ගැහැණුන්ගේ මායම් වලට රැවටෙන්න එපා...

:       3       2

රංබොඩ Saturday, 24 August 2024 05:09 PM

ඒ පැනිල්ලට නම් සම්මාන දෙකක් හම්බ වෙන්න ඕනෑ. රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ හොඳම පැනිල්ල සඳහා ඔලිම්පික් සම්මානය...

:       3       5

Prabha Saturday, 24 August 2024 05:27 PM

එහෙනම් රංගෙ බණ්ඩාර සජිත්ට එකතු වෙයි...

:       1       5

ටොමියා Saturday, 24 August 2024 06:47 PM

මටත් ආරාධනා කළා...!

:       3       3

තලපතා Saturday, 24 August 2024 06:49 PM

මටත් ආරාධනා කළා...!

:       2       3

Kazi Shajahan Saturday, 24 August 2024 09:00 PM

අනේ යන්න. වෙන කොහේ යන්නද? ඔය පක්ෂ 2 හැරෙන්න. එහෙට පනිනවා... මෙහෙට පනිනවා.

:       3       3

chandimal Sunday, 25 August 2024 02:12 AM

කෙළින්ම පැත්ත මාරුකළාම අවුල් නම් අන්න එහෙම වංගුවක් ගහලා ගියාම මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් වගේ නේද?

:       0       1

Sk Sunday, 25 August 2024 05:58 AM

අපි දන්නවා කොහාටද හැරෙන්නේ කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site