
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (23) බාර දුන්නාය.
මේ අනුව තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් හිස්ව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට අද දැනුම් දුන්නාය.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම කර ඇත
අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා විශේෂ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළාය.
තලතා අත කෝරළ මහත්මියගේ අස්වීමෙන් පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
අතුකෝරළ මහත්මියගෙන් පසු එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතාය. ඔහු පසුගිය මහ මැතිවරණයේදී ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36787කි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අය යන එකම තමයි හොඳ... පක්ෂයක් සුද්ද වෙන්න.
අඟේ ඉඳන් කණකන අය කොහේටවත් ගැලපෙන්නේ නෑ.