IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තලතාගේ මන්ත්‍රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක  මහින්ද  යාපා අබේවර්ධන මහතාට අද (23) බාර දුන්නාය.

මේ අනුව තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් හිස්ව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන්  සභාවට අද දැනුම් දුන්නාය.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම  කර ඇත

අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා විශේෂ  ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කළාය.

තලතා අත කෝරළ මහත්මියගේ  අස්වීමෙන් පුරප්පාඩු වන සමගි  ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

අතුකෝරළ මහත්මියගෙන් පසු එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතාය. ඔහු පසුගිය මහ මැතිවරණයේදී ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36787කි



අදහස් (2)

තලතාගේ මන්ත්‍රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි

nanda Saturday, 24 August 2024 03:20 AM

මෙහෙම අය යන එකම තමයි හොඳ... පක්ෂයක් සුද්ද වෙන්න.

:       1       0

ranjith Saturday, 24 August 2024 05:23 AM

අඟේ ඉඳන් කණකන අය කොහේටවත් ගැලපෙන්නේ නෑ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site