
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන මහතා පත් කිරීමට නියමිතය.
තලතා අතුකෝරළ මහත්මියගෙන් පසු මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටියේ කරූ පරණවිතාන මහතාය.
ඔහු එම මැතිවරණයේදී ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 36.787 කි.
කරූ පරණවිතාන මහතා මේ වන විට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජන රජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ඉදිරිපත් වෙනකොට එක තැනක, මන්ත්‍රී වෙනකොට තව තැනක... ඡන්දෙන් පස්සේ ඉන්නේ කොහේද කියලා හොයාගන්න බැරි වේවි...!
තලතාට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවන හැඩයි.