
(විමුක්ති.එස් .රුද්‍රිගු)
නයිජීරියාවේ බොරතෙල් මංකොල්ලකෑම පිළිබඳ චෝදනා එල්ලවීම හේතුවෙන් සිරගතකර සිටි නොර්වේජියානු එම් .ටී හිරෝයික් ඉදුන් නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඇතුළු නාවිකයන් 26 දෙනා එම චෝදනාවලින් නයිජීරියානු අධිකරණය නිදොස් කොට නිදහස් කර ඇත.
හිරෝයික් ඉදුන් නෞකාවේ කාර්ය මණ්ඩලය 26 ක් වන අතර එයට ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයන් දහසය දෙනෙකු අයත්ය.
ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජාතිකයන්ට අමතරව එක් පෝලන්ත ජාතිකයකු සහ එක් පිලිපීන ජාතිකයකු කාර්ය මණ්ඩලයට අයත් වේ.
හිරෝයික් ඉදුන් නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය නයිජීරියාවේදී බොරතෙල් මංකොල්ල කෑමේ චෝදනා මත ඉක්වටෝරියල් ගිනි රාජ්‍යයේදී එහි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd