
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන යුද්ධය නිසාවෙන් ඉහළ යන පෙට්‍රල් හිඟය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණයකට එළැඹ ඇති බව පැවැසෙයි.
ඒ අනුව එළැඹෙන 31 වැනිදා සිට මසක කාලයක් වික්ටෝරියානු ප්‍රාන්තයේ මගීන්ට එම ප්‍රාන්තයේ දුම්රිය, ට්‍රෑම් සහ බස් රථවල නොමිලේ ගමන් කළ හැකිය.
ඉහළ යන පෙට්‍රල් මිලට තාවකාලික විසඳුමක් ප්‍රාන්ත බලධාරීහු මෙම තීරණය ගත්හ. එසේම ටස්මේනියා ප්‍රාන්ත බලධාරීන් එළැඹෙන 31 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා එම ප්‍රාන්තයේ බස් රථ සහ නැව්වල නොමිලයේ ගමන් කිරීමට මගීන්ට අවස්ථාව ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd