
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්ධන වලින් සියලු බදු ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
තෙල් මිල වැඩි කිරීමට නොව අඩු කිරීමට කටයුතු කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
පරණ තොග වලට මිල වැඩි කිරීම වැරදි බව පැවසූ විපක්ෂ නායකවරයා එකතු කළ අගය මත බද්ද සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිෂ්පාදන බද්ද රේගු ආනයන බද්ද සහ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තෙල් වලින් ඉවත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අය බලයට පත් වූයේ වරායෙන් ගොඩ බාන මිලටම තෙල් දෙන බවට පොරොන්දු දෙමින් යයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු අඩු කරන්න එපා. ඉන්ධන පාවිච්චිය අඩු කරන්න, බදු රටකට අවශ්‍යයි.
කියෙව්වොත් මේ වගේ මෝඩ කතාවක් තමයි කියන්නේ? එතකොට තෙල් වලින් වැඩිපුර දුවන්න පුළුවන් වෙයිද? අනෙක් එක බඩු අඩු කරන්න කියන්නේ, අපේ රට බැංකුලොත් කියව්වා මතක නැද්ද? එහෙම නැත්නම් හොර සල්ලි ගහලා භාණ්ඩාගාර පුරවන්න සැලසුම තියෙනවද?
ඔයාලගේ කාලයේ එහෙම කෙරුව නිසා කටක් ඇරලා ඔහොම දෙයක් කියන්න එකම සුදුස්සා ඔයාම තමයි සජිත් !
එහෙම බදු ඉවත් කලා නම්, රජයට ආදායම් කොහෙන්ද? ඔයාලාට වැටුප්, ඉන්ධන, දීමනාව කොහෙන්ද දෙන්නේ? මෙයාගේ අම්මත් අවුරුදු 33ක් ජීවත් වුනෙත් මෙහම ය බදු මුදල් නිසා තමයි. මෙයාගේ මොලය පරීක්ෂා කලයුතුයි.
අපට නම් අඩු කරන්න ඕනේ නෑ. මෙහෙම හොඳයි.
IMF ගියේ උඹල රට බංකොලොත් කරපු නිසා දැන් IMF කියන විදියට හිටහන්.
මුන්ටත් හිටපු ගමන් පාර්ලිමේන්තුව හොල්ලන්න පුළුවන් ටොපියක් ලැබිලා ආයෙත් පාරක්... ඔන්න ඔහේ ටිකක් බුරන්න දෙන්න... ඒක එයාගේ සතුට නේද?