
(රංජිත් රාජපක්ෂ)
විදුලි කප්පාදුව පැය 10 දක්වා දිර්ඝ කිරිම සහ තම වතුවලට අවශ්‍ය ඩිසල් ඉන්ධන නොලැබිම හේතුවෙන් හෙට සිට තේ වතුවල දෛනික වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කරන බව වතු අධිකාරිවරු අවධාරණය කර සිටිති.
තේ කුඩු නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ විදුලි උත්පාදන යන්ත්‍රයෙන් ලබා ගන්නා විදුලියෙන් බවත්, එම යන්ත්‍රය සදහා දිනකට ඩිසල් ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය බවයි වතු අධිකාරිවරුවෝ පවසති.
තේ දළු ප්‍රවාහනයේ සිට තේ කොල නිෂ්පාදනය සදහා විදුලිය අත්‍යවශ්‍ය බවත්, තේ දල්ල තේ කුඩු දක්වා පත් කිරිමට නිසි වේලාවක් ඇති බවත්, එම කාලය තුළ තේ කුඩු නිෂ්පාදනය කිරිමට නොහැකි වුවහොත් තේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර වල තිබෙන අමු තේ දළු සම්පුර්ණයෙන්ම විනාශ වෙයි.
තේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ඩිසල් ඉන්ධන ලබාදිමට ක්‍රමවේදයක් සකස් කරන ලෙද වතු අධිකාරිවරුන් ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිලෝන් ටී ලෝකයේ ප්‍රසිද්ධව තිබුණා. දැන් ලංකාවේ තේ නැතුව යන තත්වයක් තියෙන්නේ... එය චීනයට හා ඉන්දියාවට රජ මගුල් වේවි. තේ වලින් ලංකාවේ ලක්ෂ ගණනක් ජීවිකාව ගත කරනවා. යහපාලනය කාලයේ ඩොලරය රුපියල් 150 ට තියෙද්දී අපිට අමු දලු කිලෝඑකක් සඳහා රුපියල් සීයක් පමණ ලැබුණා.. දැන් ඩොලරය රුපියල් 299 ඉක්මවා තියෙනවා.. නමුත් අපිට ලැබෙන්නේ රුපියල් 115ක පමණ මුදලක්... පොහොරත් නැහැ... ඒ නිසා දලුත් නැහැ.. දලුකඩන්නේ ගෙවීම කළාම ඉඩම් හිමියන්ට මොකුත්ම නැහැ. හරි නම් දැනට අමු දළු කිලෝවක් සඳහා රුපියල් 195ක් වත් ලැබෙන්න ඕනෑ... මෙහෙම ගියොත් රටට තේ ආදායමත් නැතුව යනවා..
මේකට කවුරුවත්ම අදහස් දාලා නැද්ද