( තිළිණි ද සිල්වා )
තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර් ජී.එල්.පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත.
නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැතිතුමා හමුවූ අතර, එහිදී මෙම ඉල්ලීම කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙහිදී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කරුණු දැක්වූ අතර විශේෂයෙන් රටේ තෙල් අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා සිටියේය.
ඊට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය අල් ජබාර් මහතා කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු වන බවත් , එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කළේය.
ඒ පිළිබඳව ඉක්මනින් පසු විපරම් කිරීම සඳහා දෙරටේම අමාත්‍යවරුන් එකඟ වූ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මේවන විට ශ්‍රී ලාංකිකයින් 300,000 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙමින් සේවය කරන අතර , විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර දී ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජය අගය කරන බව විදේශ අමාත්‍යවරයා පැවසීය.
සේවකයින්ගේ සුභසාධනය සම්බන්ධව ඵලදායි නීති සම්පාදනය කිරීම ගැන ද අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට ස්තූති කළේය.
තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් මහතා සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ මෙරට විදේශ අමාත්‍යවරයා , ඉක්මනින්ම එතුමාව ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟමන් ඉල්ලන්න මුස්ලිම් රටවල් විතරක් ද තියෙන්නේ?
ආනන්ද බවන් සින්දුව මතක් වෙනවා.
කොහොමද තනි සිංහල ආණ්ඩුව....
කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා.
ලෝකෙ වටේ හිඟමනේ යන ඇමැති ලැජ්ජයි... ලංකාවේ දේශපාලකයෝ, හොරාකාපු ධනය එළියට දාන්න කියන්නකෝ...එතකොට තව අවුරුදු 10ක් විතර ඒ සල්ලි වලින් ලංකාව දුවන්න පුළුවන්. මේ කාලකණ්ණි දේශපාලකයෝ ඒ තරම් රටේ සල්ලි මංකොල්ල කාලා තියෙනවා. හෙණම ගහන්න ඕනේ...
රාජ්‍ය කළමනාකරණයේ ඉතාම දරුණු නොහැකියාව නිසා නන්නත්තාර වුණු රටක් මේ ලෝකේ වටේ හිඟමනේ යන විදිය දැක්කාම රටට මොනතරම් අපකීර්තියක්ද, ලැජජාවක්ද?