IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තෙල් පොල්ල කෝටි විසිතුන්දහස පනී

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා කාලය තුළ ඉන්ධන ණයට දීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් කෝටි 23,416ක් පමණ වන බව එම සංස්ථා වාර්තාවලින් අනාවරණය වේ.

ඉන් වැඩිම මුදලක් අය විය යුතුව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වන අතර, එම මුදල රුපියල් කෝටි 9,781ක් පමණ වන බවද එම වාර්තා පෙන්වා දෙයි.

විදුලිබල මණ්ඩලය ඇතුළු රජයේ හා පෞද්ගලික විදුලි බලාගාරවලින් අය විය යුතු සමස්ත මුදල රුපියල් කෝටි 12,807ක් වන අතර ,විදුලිබල මණ්ඩලයෙන් පමණක් රුපියල් කෝටි 8,608ක් පමණ අය විය යුතු ව ඇතැයි දැනගන්නට ඇත.

වෙස්ට් කෝස්ට් සමාගමෙන් රුපියල් කෝටි 499 ක් ද,ඒසියා පවර් සමාගමෙන් රුපියල් කෝටි 23ක් ද නොදර්න් පවර් සමාගමෙන් රුපියල් කෝටි 4 ක් පමණ ද අය වී ඇතැයි සඳහන් වේ.

මේ අතර , දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 326ක් ද, මගනැගුමෙන් රුපියල් කෝටි නවයක් ද, ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් කෝටි හතලිස් හතක් පමණ ද,අය විය යුතුව ඇතැයි පෙන්ව දෙයි.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රුපියල් කෝටි 227ක්, යුද හමුදාවෙන් රුපියල් කෝටි 70ක්, ගුවන් හමුදාවෙන් රුපියල් කෝටි හතළිස් තුනක්, පොලිසියෙන් රුපියල් කෝටි හයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් අය විය යුතුව ඇත.

 



අදහස් (4)

තෙල් පොල්ල කෝටි විසිතුන්දහස පනී

pakeer Saturday, 16 September 2023 09:39 PM

හිනා යනවා ඕයි. දැන් ටික ටික රට දියුණු වෙනවා වගේ... ඩොලර් 1ත් පහළ බහිනවා. මම හිතන්නේ 2030දී රට හුඟක් ගොඩ යයි. 2050 වෙනකොට ලෝකයේ හොඳම ආර්ථිකේ ලංකාව වෙයි. මේ දියුණුව බලන්න අපි ඉඳියිද දන්නේ නැහැ.

:       1       3

සල්ලි Sunday, 17 September 2023 07:04 AM

ආයේ ණයට දෙන්නේ නෑ කියලා නේද කීවේ...? ඕවා ණයට දීලා මැනේජ් කළාම පොළියත් එක්ක අපෙන් නේද කැපෙන්නේ...?

:       0       1

Wakkumbura Sunday, 17 September 2023 10:29 AM

ඔය ගුවන් යානාවල නොමිලේ ගියේ, තවමත් යන්නේ දේශපාලකයෝ, සේවකයෝ වැඩියි, ඒ අය හරිම ආඩම්බරයි... ගුවන් සේවය බංකොළොත් වුණාට...

:       0       4

Perera Sunday, 17 September 2023 02:48 PM

ශ්‍රී ලංකාවේ අලුත් නම පොලුලන්තය වෙයි වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site