IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


තෙල් පිරිපහදු දීමනා කෝටි 300යි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එම අතිකාල දීමනා ගෙව්වේ කාට දැයි සොයා බලා ගෙන යන බව පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

වහලා තිබුණු තෙල් පිරිපහදුවේ සේවකයන්ට රුපියල් කෝටි 40 ක දීමනා ගෙවලා තියෙනවා කියලා ආරංචියි. ඒක ලොකු අපරාධයක්.

අමාත්‍ය කංචන විජේසේකර මහතා:

පුවත්පත්වල මේ ගැන තොරතුරු සඳහන් වුණාම මම මේ ගැන සොයල බැලුවා. ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුගෙන් විමසුවා. ඒ සේවකයන්ට අතිකාල දීමනා විදිහට කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවලා තියෙනවා කියලා ඔහු දැනුම් දුන්නා.

පිරිපහදුව මාර්තු අප්‍රේල් මාසවල වැහුවේ නෑ. ඒක වැහුවේ පසුගිය මාසේ විතරයි. දින හතම ඉන්ධන නිකුත් කළා. ඉතින් ඒ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න වෙනවා. ගෙවීම් යම් මට්ටමකට කළමනාකරණය කරගෙන තිබුණා.

 



අදහස් (13)

තෙල් පිරිපහදු දීමනා කෝටි 300යි

Lal Wednesday, 10 August 2022 12:51 PM

පුද්ගලීකරනය කරන්න ...

:       1       107

ABCWednesday, 10 August 2022 01:43 PM

ඔව්, විසඳුමක් පමණයි.

:       0       32

හොරු හොරකම් ගැන කතා කරති. Wednesday, 10 August 2022 01:44 PM

කිරි ඇල්ල නම් කට්ටිය දැම්මේ RDA එකට,...50000 ගානේ මාසික දීමනාවකට මේ ආයතන 50-50 හරි පුද්ගලීකරණය කරන්නම ඕනේ. මේවයි ඉන්නේ ඡන්දෙ දවස්වල ගොට්ට අල්ලලා මවලා දීපු තනතුරුවලට පත් කරපු අය... ඔවුන්ගේ අතිකාල විතරක් නොවෙයි පඩියත් රටට බරක්...

:       0       51

fairoos Wednesday, 10 August 2022 01:45 PM

නියමයි... තේ පාටියක් දීලා... ඒකෙ බිල විතරක් අතින් ගෙවලා නිකන් ෂෝ පෙන්නනවා...

:       2       75

mahesh Wednesday, 10 August 2022 04:31 PM

නියමයි. තෙල් පිරිපහදුවේ වැඩ නම් නැහැ. කෝටි 300ක් ඕ ටී. 225 විතරක්ද එතකොට හොරු? මේ කවුද? ඇත්තටම මේක පෞද්ගලික අංශයට දෙන්න ඕනෑ. නිකරුනේ අපේ සල්ලි වලින් නඩත්තු නොකර... අපි තෙල් නිකම් ගන්නවා නෙමෙයිනේ...

:       0       0

Bamunuarachchi Wednesday, 10 August 2022 06:38 PM

අධ්‍යක්ෂක මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් කෝප් කමිටුවට ගෙන්වා ප්‍රශ්න කරන්න. මේවා කෙලින්ම රජය යටතට ගන්න. මුන්ගේ අතිකාල කැපුවහොත් පෙට්‍රොල් තවත් ලාභෙට දෙන්න පුළුවන්.

:       0       8

Bamunuarachchi Wednesday, 10 August 2022 06:41 PM

දැන් සභාපති අතිකාල දීම සාධාරණීය කරලා ලිපියක් එවයි. කෙලින්ම කෝප් කමිටුවට දමන්න. එතැනදී සභාපතිගෙනුත් ප්‍රශ්න කරාවි.

:       0       9

බද්රානිWednesday, 10 August 2022 07:29 PM

ආයේ මොනවද සභාපති අමුතුවෙන් සාධාරණීකරණය කරන්නේ, ඔය තෙල් ඇමතිම ෂෝක් එකට සාධාරණීකරණය කරලා තියෙන්නේ සැකයකින් තොරවම. ඔහෙලගේත් ඉතින් නැට්ට ඉස්සෙන්නේ තරාතිරම අනුවනේ නේද, බමුණුආරච්චි? මෙතන ලියන දේවල් වල හැටියට නම් කලිසම් අඳින කෙනෙක් වෙන්න බැහැ? ඔය දිගු නැට්ට වැසෙන ඇඳුමක් පලදින කෙනෙක් වගෙයි??

:       1       7

BamunuarachchiThursday, 11 August 2022 11:42 AM

මමත් දැක්ක කට්ටියක් ඔයාව ගාඩ් කරගෙන පස්සෙන් යනවා. මේ අගෝස්තු මාසෙනේ නේද?

:       0       0

BamunuarachchiThursday, 11 August 2022 04:36 PM

කාගෙවත් නැට්ට ඉස්සෙනකන් ඉන්නේ නැතුව තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න... අගෝස්තු මාසෙට මදකිපෙන බව දන්නවා...

:       0       0

kumara Wednesday, 10 August 2022 06:52 PM

මෙම රජය ව්‍යවසහාය ආයතන පුද්ගලීකරණ කළ යුතුමයි. අපේ බිල ටිකක් අඩුවෙනවා විශ්වාසයි. මේවා දූෂිතයන්ගෙන් පිරුණු තැන්

:       0       10

පුරවැසියා.... Wednesday, 10 August 2022 08:39 PM

මෙරට ශ්‍රී ලංකා ගුවන් සේවය, ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු පාඩු ලබන සියලුම රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කිරීම කඩිනමින් කළ යුතු දෙයකි. තව දුරටත් රටේ ජනතාවට මේ බර දැරීමට නොහැකි නිසා.

:       0       0

Prabha Wednesday, 10 August 2022 10:38 PM

වැඩකට නැති සේවකයන් ඉවත් කොට බොර තෙල් ගෙන්වීමයි විය යුත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site