(අජන්ත කුමාර අගලකඩ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත .
එම ණය මුදල ඇමරිකාවේ "කන්සෙප්ට් ග්ලෝබල්"නමැති මූල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනටි අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ .
වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගැනෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් වේ .
සියයට 3 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබා ගැනෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .
ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත .
සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය බැංකු දෙකේ කල් පිරී ඇති ණයවර ලිපි පිය වීමට පවා මේ වන විට නොහැකි වී ඇතැයි වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මුල්‍ය අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ? අපිට නම් නිකන් තෙල් දුන්නේ නැහැ කවදාවත්...
මේ උදව්ව වෙනුවෙන් ඇමරිකාවට දෙන්න පොරොන්දු වූ වන්දිය මොකක්ද ?
හොද වෙලාවට තවත් ණයක් ගනන මොලේ තිබුණා ඒහෙනම්
චීනෙන් ඉල්ලා ගන්න බැරුවෙයිද
විශිෂ්ඨ තීරණයක්
ණය ගන්නවා. ඒ ණය වලට සැප කාර් ගන්නවා, රට සවාරි යනවා. පස්සේ ඒ ණය ගෙවන්ඩ අපේ පොඩි උන්ව රට රටවල් වලට විකුණනවා. මාරයි නේහ්
මෙයා නැතුව වෙන කෙනෙක් ඉල්ලුවනම් ලැබෙනවා
දැන් මේ කියන විදියට ගන්න යන ණයේ ප්‍රමාණය ඩොලර් කෝටි 250. ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි තියෙන ණය ප්‍රමාණය ඩොලර් කෝටි 330. දැන් ඔය ගන්න ණයෙන් බැංකු දෙකේ ණය පියෙව්වොත්, තව ඩොලර් කෝටි 80 ණය පිය වන්න තියෙනවා. නිකන් පිස්සු වගේ!!! කොහොමත් ඊළඟ සාර සංඛ්‍ය කල්ප ලක්ෂය එද්දීත් අපි ණය ගෙව ගෙව ඉඳීවි!!!
රට වහගෙන ඉන්නෙත් තෙල් අර්බුධය නිසාලු නේද?
මට නම් මේ කතාව ටිකක් අවුල් වගේ... කන්සෙප්ට් ග්ලෝබල් කියලා මූල්‍ය ආයතනයක් ඇමෙරිකාවේ තියෙනවද? විදේශ රටකට ණයක් දෙන්න තරම් පිළිගැනීමක් තියෙන, ඒත් වෙබ් අඩවියක්වත් නැති..., පසුබිම් දර්ශන එක්ක ගලපලා බැලුවාම හොඳ නාටකයක් රූගත වෙනවා වගේ නම් පේනවා.
මේ බූරු පාලකයින්ගේ වැඩ නිසා අපි දැනුත් මානසිකව වැටිලයි ඉන්නේ...
සමහරු කියනවා තෙල් සංස්ථාවයි, විදුලි බල මණ්ඩලයයි 2ම පාඩු වෙන්න ගත්තේ අනුරුද්ධ රත්වත්තේ මහතා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් සිටින කාලයේ වැඩියෙන් සේවකයන් බඳවාගන්න පටන් ගත් නිසා කියා...
අවිදිමත් සහ දූශනයෙන් පිරි දිගු කාලීන රාජ්‍ය පාලනයක් නිසා විනාශ වුන රටකට අපේ රට මුලු ලෝකයටම කදිම උදාහරනයක්... මෙතක් කල් මේ රට පාලනය කල හැම රාජ්‍ය පාලකයෙකුම මෙයට අඩු වැඩි වශයෙන් වගකිවයුතුයි...
දේසපාලුවන්ගේ සැප කාර්,වාහන ඔක්කොම දුවන්නේ පිනට . නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා හමාරයි .දේශපාලුවන්ගේ පව් වලට වන්දි ගෙවන්ඩ වෙන්නෙ ජනතාවට .සෞභාග්‍යයේ දැක්ම හරි අපූරුවට සිද්ද වෙන්නේ ?
ඛනිජ තෙල් ,විදුලි සහ දුම්රිය විකුණලා දාන්න IOC එක පාඩු නොවෙන්නත් සිපෙට්කෝ පාඩු වෙන්නත් හේතුවක් තියනවද .දෙකේම තෙල් විකුනන්නේ එකම ගණනට .මේක මකර කටක්
පසුගිය රජය ගෙනා මිල සූත්‍රය හරි කලමනාකරනයක් යටතේ කරානම් මෙවැනි පාඩු අවම කරගන්ඩ තිබුන. ලෝකයේ බොහෝ රටවල් කරන්නෙ ඒක. සමගර රටවල දිනපතා මිල වෙනස්වෙනව. ලෝකය ගැන නොදන්න මිනිස්සු ඒක විහිලුවකට ගත්තනෙ.
සංස්තාවේ සේවක අතිරික්තය කොපමනද? සංස්තාවට අවාසි වෙන ආකාරයේ ඩීල් දාපු නිලධාරීන් කීදෙනෙක්ට දඩුවම් දුන්නද? ඉන්දියන් ඔයිල් එකේ මෙහෙම මූල්‍ය අර්බුදයක් නැත්තෙ ඇයි?. සහනාධාර දෙනව තමා. ජනතාවට ඒකෙන් සහන ලැබෙනවා තමා. ගෑස් ප්‍රශ්නය වගේ බලශක්ති අර්බුදයක් උනොත් ආන්ඩුවට පාලනය කරන්න අවස්ථාව තියනවා තමයි නමුත් ඇමතිලා සහ වෘතිය සමිති එකතුවෙලා කරන දූශනය ඔක්කොටම වඩා ඉහලයි.
තෙල් ගේන්න ඩොලර් ඕන. ඒව විකුනන්නෙ රුපියල් වලින් , රුපියල් දීල තෙල් ගේන්න පුළුවන් රටක් තිබේ නම් හරි. අපේ රුපියල කවුද ගන්නෙ? ඩොලර් උපයන ව්‍යාපෘති වන විශේෂයක් මත්තල ගුවන් තොට, නෙලුම් කුළුන, සුරිය වැව ක්‍රීඩාංගනය, නුවර අධිවේග මාර්ගය වගේ ඒවයින් උපයන ඩොලර් එදිනෙදා ආහාර සඳහා වැය වෙනව. ඒකයි ගැටලුව. කෙසේ වෙතත් කබ්රාල්ට මහබැංකු අධිපති කම දුන්නම මොනව හරි කරාවි.
කාගෙද මෙ ඈමෙරිකන් සමාගම ? අන්තර්ජාලයේ මෙවැනි සමාගමක් ගෑන තොරතුරු නෑත. මෙතරම් මුදලක් නයට දිමට කොන්දෙසි මොනවද ? මේ මොල හතා කොල්ල කෑ මහජන ධනය විය නොහැකිද ?
සංස්ථා සභාපති කම් ඇතුළු ඉහළ නිලතල දෙන්නේ තම නෑදෑ හිතවතුන් ට හා බලයට එන්න උදව් කළ අයට.ඒ අයට මේවා නිසි ලෙස පවත්වාගෙන යාමට සුදුසු දැනුමක් නැති බව පෙනෙනා කරුණක්.සභාපතිගේ පටන් ඒ අය හතරවරම් ගහනවා.ආයතන පිරිහෙනවා.ආදායමට වඩා වියදම වැඩියි.ඒ මදිවට රජයන් වල විය හියදම් වලටද කරගහන්නට වෙනවා. රාජ්‍ය ආයනවලට ණයට ඉන්ධන සැපයිම කෙරෙනවා. කෝටි ගණන් පොලු.මෙසේ මෙතරම් මුදලක ඉන්ධන ණයට ගත්තේ ඇයිදැයි විමසීමක් කිසිදා කෙරුණු බවක් මතක නැහැ.එකට හේතුව කොහෙන් හෝ මේවාට දේශපාලකයින් සම්බන්ධ ඇති සමහරවිට.එසේ නැතිනම්,ඇයි මේවා ගැන සොයා බලන්න බැරි.සියල්ල එසේ සිදුවෙන්නට හැර අවසානයේ දැරිය නොහැකි ණය ගන්නවා.රට වළපල්ලට යනවා.අනේ හොඳට තිබුණු රටකට ගිය කල ...
සර් ගේ ඊළඟ පෝලිමට ලෑස්ති වෙන්න .රට විනාශ කරන දේශපාලකයන්ට ශාප වේවා
පාටලීගේ කාලේ තෙල් සංස්ථාව ලාභ ලබන්නත් ,අනික් ඇමැතිලාගේ කාලේ පාඩු ලබන්නත් හේතුව කුමක්ද ?කොරෝනා වසංගතේ මුල් කාලේ අවුරුද්දක් විතර තෙල් වලින් ආණ්ඩුව ලැබූ වාසියේ මුදල් වලට වුනේ කුමක්ද ?
ඕක කරන්නේ නාමල් රාජපක්ෂගේ අමාත්‍යංශයෙන් නේද ,නියමයි