
(ජේ.ඒ.එල්. ජයසිංහ)
බලගොල්ල කුණ්ඩසාලේ වරාපිටිය පෙදෙසේ නිවසක තරුණ විවාහක කාන්තාවක අභිරහස් ලෙස මරණයට පත්ව සිටියදී සොයාගත් බව පල්ලේකැලේ පොලිසිය කියයි.
මෙම තරුණ විවාහක කත ඇගේ සැමියාගේ නිවසේදී ලිපියක් ලියා තබා ඇතැයි ද පොලිසිය කියයි.
තමන් නිවසින් පිටව ගොස් සංගීත සංදර්ශණයක් නරඹා අලුයම ආපසු නිවසට පැමිණි විට තම බිරිඳ ගෙළ වැලලාගෙන සිටිනු දුටු බවත් පසුව තමන් සිද්ධිය පල්ලේකැලේ පොලීසියට දැනුම් දුන් බවත් මරණයට පත්වූ කතගේ තරුණ සැමියා පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබෙන බව පල්ලේකැලේ පොලීසිය පවසයි.
මරණයට පත්වූ කත ලිවූ බව සඳහන් ලිපියෙහි අත් අකුරු ඇගේ අත් අකුරු නොවන බව ඇගේ පවුලේ ඥාතීන් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd