(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 51කින් සම්මතවිය.
පනතට පක්ෂව ඡන්ද 86ක් ලබනු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 35 ක් පමණි.
සමගි ජන බලවේගය ,දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු පනතට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළහ.
ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රස්ත වැළැක්වීමේ පනත වැඩි ඡන්ද 51 කින් සම්මතයි