(රන්ජන් කටුගම්පොළ)
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සභාගත වී නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගොනු කොට තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මෘර්දු ප්‍රනාන්දු සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරීන්පුල්ලේ මහතා කියා සිටියේ කෙටුම්පත නිසියාකාරයෙන් සභාගත කර නොමැති බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම්වරයා තමන්ට දැනුම් දී ඇති බවයි.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ඕනෑම පුරවැසියකුට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවයි.
අදාල ලිපිය මෙම මස 19 වෙනි දින ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ළුදින පෙත්සම කැඳවන ලෙසද නියෝග කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත පනත සභාගතවීමේ දී දෝෂ
C.K.Lankaputhra Friday, 13 October 2023 06:24 PM
ඔය පනත හදපු සහ ගෙනාපු එවුන්ට වැස්ස නැති කාලේට ආකාසයෙන් එන ඩොං පටෝන් වලින්ම පරලොව දොර ඇරේවා...!